චීන සන්තෝසම් ගත්තට : මහින්දට එරෙහිව රංජන් FCID යයි !

චීන සන්තෝසම් ගත්තට : මහින්දට එරෙහිව රංජන් FCID යයි !

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට පසුගිය ජනපතිවරණ සමයේදී හම්බන්තොට වරාය ගිණුමෙන් ඩොලර් මිලියන 7.6ක් ලබාදීම පිළිබඳව නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකළ  අණාවරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින්  පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම පැමිණිල්ල අද (28) සිදුකර ඇත.

අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර එහිදී “මම දන්න විදිහට මේ පැමිණිල්ල භාගයක් දුර ගිහින් නැවතිලා තියෙනවා. මේකේ බී වාර්තාවක් තිබෙනවා. මම අභියෝග කරනවා පුළුවන් නම් මම දුන්නා වගේ මහින්ද රාජපක්ෂ  දිවුරුම් ප්‍රකාශයක් දෙන්න, චයිනා හාබර් එකෙන්  චයිනා මර්චන්ට් එකෙන් කිසිඳු මුදලක් අරන් නෑ කියලා. ඒ  වගේම ඔවුන්ට මේ කරපු අපහාසයට නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ඩොලර් මිලියන ගාණක් ඉල්ලලා වන්දි නඩුවක් දාන්න පුළුවන්. එත් නිව්යෝක් ටයිම්ස් එකට අදාළ නෑ පොහොට්ටුවද? පුටුවද? අලියද? කඩුවද? අතද? කියන එක.

රාජපක්ෂලා සහ විදෙස් ව්‍යාපාරිකයන් අතර අයතා ගනුදෙනු තිබෙනවා - සරත් ෆොන්සේකා 
Fonseka 1000px 25 05 18

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් ලැබු ආකාරය පිළිබඳ විදිමත් පරීක්ෂණක් පවත්වන ලෙස අමාත්‍ය සරත් ෆොන්සේකා ද සඳහන් කරයි.

අද(28) මාධ්‍යෙව්දීන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාර සඳහා චීනය විසින් මුදල් ලබාදුන් බවට නිව්යෝක් ටයිම්ස් පවා ඉතා පැහැදිළිව පෙන්වා දී ඇති බවත් විවිධ රටවල සිටින ව්‍යාපාරිකයින් සහ මහා  පරිමාණ ගණුදෙනු කරුවන් සමඟ ගොඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  අයතා සම්බන්ධතා පවත්වන බවටද  අමාත්‍යවරයා චෝදනා කර සිටියේය.

එම ව්‍යාපාරකරුවන්ගේ මඟින් රටට පාඩුවක් සිදුවුද රාජපක්ෂලා එම ව්‍යාපාරකරුවන්ට රට තුළ ව්‍යාපාර කිරීමට අවස්ථාව ලබා දෙන බවත් එම ව්‍යාපාරකරුවන්ට උදව් කිරීම හේතුවෙන් එවැනි අය රටේ නායකත්වය තුළ තබා ගැනීමට එම රටවල් සහ ව්‍යාපාරිකයින් උත්සහකරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න