16 කණ්ඩායම යොදවා ජනාධිපතිව අපකීර්තියට පත්කරන සූදානමක් !

16 කණ්ඩායම යොදවා ජනාධිපතිව අපකීර්තියට පත්කරන සූදානමක් !

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව නොතකන බව පෙන්වීමට දේශපාලන කෙමක් දැමීමට හිටපු ජනාධිපතිගේ උපදේශකයන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ ජනාධිපතිවරයා විසින්  එළඹෙන සඳුදා  එනම් ජූලි 2 වනදා  පස්වරු 4.30 ට  ශ්‍රීලනිප නිලධාරී හමුවක් කැඳවා තිබෙන අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවට පැමිණෙන ලෙස ශ්‍රීලනිප 16 කණ්ඩායමට දැනුම්දීම හරහාය.

ඒකාබද්ධ විපක්ෂයේ මෙම මන්ත්‍රී කණ්ඩායම් හමුව යොදා ඇත්තේ එදින පස්වරු 5.00 ටය.

ඒ අනුව මේ වන විට ශ්‍රීලනිප යේ තනතුරු දරන 16 කණ්ඩායමට තමන් සහභාගී වන්නේ කුමන හමුවටද යන්න තීරණයක් ගැනීමට සිදුව ඇත.

ඊයේ (28) ශ්‍රීලනිප 16 කණ්ඩායම බැසිල් රාජපක්ෂ හමුවූ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පැමිණෙන ලෙස දැනුම්දී ඇත.

මෙසේ කැඳවීම තුළ රාජපක්ෂ පාර්ශවයේ සුදානම වී තිබෙන්නේ අදාළ ශ්‍රීලනිප නිලධාරීන් ජනාධිපතිවරයාගේ කැඳවීම ප්‍රතික්ෂේප කර පැමිණ ඇති බව පෙන්වා මේ වන විට ශ්‍රීලනිප දේශපාලනය තීරණය කිරීමේ සම්පුර්ණ හැකියාව රාජපක්ෂලා සතු බවට සමාජයට පෙන්වීමටය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න