නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව සකස් කළ මාධ්‍යවේදිනී මාරියා අබී හබීබ් සිය ගවේෂණාත්මක ලිපිය සකස් කිරීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී ලැබී ඇති වාර්තා සනාථකර ගැනීමට අවස්ථා ගණනකදී උත්සාහ කර ඇතත් ඔහු එය මඟහැර ඇති බව වාර්තා වෙයි.
මාධ්‍යවේදිනී මාරියා අබී හබීබ් වෙතින් මාධ්‍ය සිදුකල විමසීමකදී ඇය මේ බව සඳහන් කර ඇත.
එසේම මාස දෙකක් තිස්සේ හිටපු ජනාධිපතිවරයාට ප්‍රශ්න 10 ක් යවා පිළිතුරු අපේක්ෂාවෙන් සිටි නමුත් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු බවද ඇය සඳහන් කර ඇත.
තවද බැසිල් රාජපක්ෂ හමුවීමටද තමන් උත්සාහ කළ බවත් එහෙත් ඊටද අවස්ථාවක් නොලැබුණ බව ඇය සඳහන් කර ඇති අතර තම අනාවරණය හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව නැගෙන චෝදනාවට ප්‍රතිචාර දැක්විය හැක්කේ ද ඔහුට පමණක් බවද මාධ්‍යවේදිනිය සඳහන් කර ඇත.

