හම්බන්තොට වරාය ඉදිකළ චීන සමාගම විසින් තම ගිණුමෙන් ඩොලර් මිලියන 7.6 ක මුදලක් හිටපු ජනාධිපති රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා වියදම් කිරීමට ලබාදීම සම්බන්ධව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදුකල අනාවරණය තහවුරු කරන ආකාරයේ ට්වීටර් සටහනක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් තබා ඇත.
එහිදී නාමල් රාජපක්ෂ අදාළ අනාවරණයේ අඩුපාඩු ඇති බව සිය ට්වීටර් සටහනේ සඳහන් කර ඇති නමුත් සිය පියාවූ මහින්ද රාජපක්ෂ වෙත අදාළ මුදල චීන සමාගමෙන් ලබාදුන් බව කොහෙත්ම ප්‍රතික්ෂේප කර නොමැත.
ඒ වෙනුවට එහි සඳහන් කර ඇත්තේ චීනයේ සංවර්ධනය ලෝකයට කරන බලපෑම සම්බන්ධව බටහිර රටවල් බියවී ඇති බවය. එසේම ලෝකයේ අංක එකේ කාර්ය බහුල නාවුක මාර්ගයක හම්බන්තොට වරාය පිහිටීම නිසා තවමත් එය බටහිර ලෝකයේ මාතෘකාවක් බවට පත්ව ඇති බවය. එසේම මෙරට සම්පත් ලෝකයේ බල අරගලයේ බිල්ලට දෙන භූ දේශපාලනයේ ඉත්තෙකු ලෙස යොදා නොගත යුතු බවය.
කෙසේ වුවත් ටයිම්ස් අනාවරණය තුළ රාජපක්ෂලාට නගා ඇති චෝදනා මෙහිදී ප්‍රතික්ෂේප කර නොමැත

