වසර 29 කට පසුව විජේවීර වෙනුවෙන් පෙත්සමක් ! 

වසර 29 කට පසුව විජේවීර වෙනුවෙන් පෙත්සමක් ! 

රජයේ ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතුරුදන්ව සිටින ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහුගේ බිරිඳ විසින් අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

අද (29) මෙම පෙත්සම ගොනුකර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුළු එකොළොස් දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තම සැමියා 1989 වසරේ නොවැම්බර් මස 12 වන දා උලපනේ ප්‍රදේශයේ දී රජයේ ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගත් බවය.

ඉන් අනතුරුව මේ දක්වා තම සැමියා කිසිදු අධිකරණයක් හමුවට ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරන පෙත්සම්කාරිය සිය සැමියා අත්අඩංගුවට පත්ව මේ වන විට වසර 29 කට ආසන්න කාලයක් ගතවී ඇතත් ඔහු ජීවතුන් අතර සිටින්නේ ද නැද්ද යන්න පිළිබඳව පවා රජය විසින් තමාට නිත්‍යානුකූලව දැනුම් දී නොමැති බව කියා සිටියේය.

මේ හේතුවෙන් තම සැමියාට සිදුවූ දේ කුමක්ද යන්න අනාවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවද පෙත්සම්කාරිය සඳහන් කර තිබේ.
අතුරුදන්ව සිටින තම සැමියා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන මෙන් වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කාරිය තම සැමියාගේ අතුරුදන්වීම පිළිබඳව මෙම පෙත්සම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට යොමු කර තම සැමියාගේ අතුරුදන්වීම පිළිබඳව  පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඇය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න