බී. ඩෙනීෂ්වරම් උතුරු පළාත් ප්‍රවාහන, ධීවර හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
ඒ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් වීසින් තමන්ව අදාළ අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව බී. ඩෙනීෂ්වරම් විසින් අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ය.
අදාළ පෙත්සම ගොනුකරමින් බී. ඩෙනීෂ්වරම් සඳහන් කර ඇත්තේ දූෂණ චෝදනා එල්ල කරමින් 2017 වසරේ අගෝස්තු මාසයේදී තමන්ව අමාත්‍යධූරයෙන් නෙරපීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලාය. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක අමාත්‍යවරයකු නෙරපීමේ බලය එම පළාතේ ආණ්ඩුකාර වරයාට පමණක් සතු වී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු ප්‍රධාන අමාත්‍යවරයාට අමාත්‍යවරුන් ඉවත් කිරීමේ බලතල පැවරී නොමැති බව ද එම පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
කුමුදුනී වික්‍රමසිංහ හා ජනක් ද සිල්වා යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කර ඇති අතර පෙත්සම් විභාගය ජූලි මස 09 වනදා පැවැත්වීමටද නියම කර ඇත.

