සුගතදාස ක්‍රීඩාංගනය යාඥා මෙහෙයකට : ලෝක ශුරයාට මහපාර ?

සුගතදාස ක්‍රීඩාංගනය යාඥා මෙහෙයකට : ලෝක ශුරයාට මහපාර ?

සුගතදාස ක්‍රීඩාංගනය මේ වන විට යාඥා මෙහෙයක් සදහා වෙන් කර ඇති  වත්මන් ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ 5 වන ස්ථානයේ සිටින  කන්තලේ සේරුනුවර අරුණ දර්ශන ලෝක කණ්ෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ පුහුණුවීම සිදුකිරීමට ස්ථානයක් නොමැතිව සිටින බව වාර්තා වෙයි.

එසේම අරුණ දර්ශන සහ  ඔහුගේ පුහුණුකරු වූ අසංක සඳහා දැනට ඇති එකම විකල්පය ජූලි පළමු සතියෙම ෆින්ලන්තයේ පුහුණුවීම් සඳහා යොමුකිරීම වුවත්  තවමත් ඒ සඳහා පහසුකම් සලසා නොමැති බවද වාර්තා වෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මේ බව සඳහන් කර සිටියි.

මේ මතුව ඇති තත්ත්වය හමුවේ  තවත් දින කිහිපයකින් අරුණට පුහුණුව සදහා ස්ථානයක් අහිමිවනු ඇති බවත්  ඊයේ (28) දිනයේ අරුණ දර්ශනට ෆින්ලන්ත තරගාවලියට අවශ්‍ය උපකරන පෞද්ගලික මට්ටමින් ඔහු වෙත ලබාදෙනු ලැබුවත්  ඔහුට උපකාර කරන කිසිදු පුද්ගලයෙකුට ඔහුට සුදුසු ක්‍රීඩාංගනයක්  ලබාදීමට හැකියාවක් නැති  බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එසේම  මේ පිළිබද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතාගෙන් මෙයට පෙර ඉල්ලීමක් ද කර තිබූ බවත් මේ  සම්බන්ධයෙන් වන දෙවන සිහිකැඳවීමේ ලිපිය ද අද (29) වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා වෙත යොමු කරනු ලැබූ බවත් මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කල නිවේදනයේ සඳහන්කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න