ජනාධිපතිවරණයකට හෝ මහමැතිවරණයකට පෙර කඩිනමින් පාර්ලිමේන්තුව තුළදී බහුතරය අහිමිකර ආණ්ඩුව පරාජය කිරීම උදෙසා ඒකාබද්ධ විපක්ෂය හා 16 දෙනාගේ කණ්ඩායම දැඩි උත්සාහයක නිරතවෙමින් සිටින බව රාවය වාර්තා කරයි.
එක්සත් ජාතික පක්ෂය නමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 106ක් සිටින අතර මුස්ලීම් කොංග්‍රසය නමින් සිටින මන්ත්‍රීවරයාද සමඟ එම සංඛ්‍යාව 107ක් වේ.
එහෙත් එම 107 තුළ සිටින මුස්ලීම් කොංග්‍රස් 7 දෙනා, රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ 5 දෙනා, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් යන අමාත්‍යවරුන් නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනා මෙන්ම හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් දෙදෙනාද අඩු කල විට එජාපය සතුව පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීවරුන් 87 දෙනෙකු පමණි.
මෙම තත්ත්වයද සලකා බලමින් තවමත් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප 23 දෙනා ඉවත්කර ගැනීමේ මෙහෙයුමක 16 දෙනාගේ කණ්ඩායම නිරතව සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක රාවය වෙත පවසා ඇත. විශේෂයෙන් ජනාධිපතිවරයා අදාළ තීන්දුව ගන්නේ නම් තත්ත්වය තවත් පහසු වන බවද ඔහු සඳහන් කර ඇත.
මෙම සැලසුම සාර්ථක වුවහොත් එජාපය බහුතරය අහිමි ආණ්ඩුවක් බවට පත්වන අතර පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් වෙනත් මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර ගැනීමට හැකියාව පවතී. එවිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර ගැනීම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ වී ඇති අතර මේ සම්බන්ධයෙන් යම් මට්ටමක සාකච්ඡා ද පවත්වා ඇතැයිද වාර්තා වේ.
මේ පිළිබඳ කල විමසුමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කර ඇත්තේ තීරණාත්මක අවස්ථාවක දී ජවිපෙ වුවද එජාප ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේදී ජන්දය භාවිත කරනු ඇති බවය. තම පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසකට රාජ්‍ය අමාත්‍ය තනතුරු මෙන්ම අධීක්ෂණ මන්ත්‍රී තනතුරු ලබාදෙමින් ඔවුන් රැකගැනීමේ ව්‍යාපාරයක එජාපයද සිටින වබව රාවය වාර්තාවේ සඳහන් කර ඇත.

