පළමු වර සහ දෙවැනි වර ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගැනීමට සම්බන්ධ බවට රහස් පොලීසිය සැකකරන "ඒ එච් 94 මේජර්" යන ආරූඪ නාමයෙන් හැඳින්වූ හමුදා නිලධාරියා කවුරුන්දැයි යුද්ධ හමුදා බුද්ධි අංශ තවමත් හෙළිනොකිරීම එම පරීක්ෂණවලට බාධාවක් වී ඇතැයි දැනගන්නට ලැබේ.
එක්නැළිගොඩ පැහැරගෙන යාමට අදාළ පරීක්ෂණ වලදී මෙම නාමය නිතර මුණගැසුණු බවත් එනිසා මේ පුද්ගලයා පිළිබඳව සොයා බැලීමේදී ගිරිතලේ යුද්ධ හමුදා බුද්ධි කඳවුරේ සේවය කළා යැයි කියන මේ නිලධාරියා අත්අඩංගුවට ගත යුතු බවට තීරණය වූ බවත් රහස් පොලිස් ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබේ.
පුද්ගලයා කවුරුන්දැයි හෙළිකරන්නට බැරි බව යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ කොඩිතුවක්කු ප්‍රකාශ කරන බවද දැනගන්නට ලැබේ.
යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ කියන්නේ ජාතික ආරක්ෂාව සලකා මෙම තොරතුරු ලබාදිය නොහැකි බවය.
(අනිද්දා)

