හිටපු ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුල රාජ්‍ය දේපල විශාල ප්‍රමාණයක් අනිසි ලෙස භාවිතා කර රුපියල් බිලියන 7ක පමණ මුදලක් වැයකර තිබෙන බව සමාජ සවිබල ගැන්විම් අමාත්‍ය පී.හැරිසන් පවසයි.
ඊයේ (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර නිව්යොක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනිය අදාල කරුණු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරිම් සඳහා වසර එකහාමාරකට ආසන්න කාලයක් පුරා උත්සහ කළද එයට කිසිඳු අවස්ථාවක් නොලැබි ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ වියදම් ගෙවීමට රජයටද සිදුව තිබෙන බවද අමාත්‍යවරයා එහිදී පෙන්වාදී ඇත.

