කටුනායක ගුවන් තොටුපොළේදි අත්අඩංගුවට ගත් බ්‍රසීල ජාතිකයාගේ උදරයේ තිබී කොකේන් ගුලි 66 ක් පිටතට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
ග්‍රෑම් 500 ක් පමණ බරැති එම කොකේන් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට අධික බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.
දෝහා කටාර් සිට මෙරටට පැමිණි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පෙරවරුවේදී ය.
ඒ, විදේශිකයෙකු කෝකේන් රැගෙන එන බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.
අත්අඩංගුවට ගත් 30 හැවිරිදි සැකකරු බ්‍රසීල ජාතිකයා අද (1දා) සිට දින 07 රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි.

