FCID, CID ට කරන්න බැරිවුණ දෙයක් ගැන රාජිත කියයි !

FCID, CID ට කරන්න බැරිවුණ දෙයක්  ගැන රාජිත කියයි !

ලංකාවේ මුල්‍ය අපරාධ කොට්ඨාශය,අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට කිරීමට නොහැකි වූ දෙයක් ඇමරිකාවේ පත්තරයක් විසින් සිදු කර තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කටයුතු සදහා චීන සමාගමකින් මුදල් ලබාගත් බවට ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිමිස් පුවත්පත පළ කළ පුවත පදනම් කරගෙන අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකර තිබෙන අතර ඒ  ඊයේ  (30)  කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා නිව්යෝර්ක් ටයිමිස් පුවත්පත ඉතාම ජනප්‍රිය පුවත්පතක් බවත් එම පුවත්පත සියලු තොරතුරු තහවුරු කරගැනීමෙන් මිස  ආවාට ගියාට ප්‍රවෘත්ති පළනොකරන බවද සඳහන් කර ඇත.

එසේම අදාළ පුවත වැරදි පුවතක් නම් පිළිතුරක් එවන ලෙස නිවුයෝර්ක් ටයිම්ස් පුවත්පත හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති නමුත් මේ වන තුරු හිටපු ජනාධිපතිවරයා පිළිතුරක් ලබා දී නොමැති බවත් ඒ හැර ලංකාවේ පළ වන පුවත්පත් වලට ප්‍රකාශ ලබා දීම තේරුමක් නැති වැඩක් බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එහිදී තවදුරටත් අමාත්‍යවරයා මෙසේද සඳහන් කර ඇත.

මහින්දගේ ඔය ප්‍රකාශ නිවුයෝර්ක් ටයිමිස් පුවත්පතට ප්‍රකාශය ලබාදිය යුතුයි. එම පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියේ අදාල චෙක්පත් අංක, මුදල් ලබාදුන් පුද්ගලයින්, බැංකු සදහන් කර තිබෙනවා. භික්ෂූන් වහන්සේ නමකටත් මුදල් ලබා දී තිබෙනවා. එලෙස මුදල් ලබා නොදුන් බවත්, එම පුවත වැරදි බවත් හිටපු ජනාධිපතිවරයා දැනුම් දිය යුතුයි. අදාල චින සමාගම වත් එම පුවත ප්‍රතික්ෂේප කර නැහැ. හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ සිදු වූ දුෂිත ගණූදෙනු වලින් සුළු ගණුදෙනුවක් තමයි මේ වන විට එළියට ආවේ. 

මහින්ද ඔයා හිටපු ජනාධිපති : හන්දි ගානේ මයික්වලට උත්තර දීලා වැඩක් නෑ !

එම ප්‍රවෘත්තියෙන් අපට ඉගෙන ගැනීමට ගොඩක් දේවල් තිබෙනවා. දුෂිත ගණූදෙනු වලට සම්බන්ධවූවන්ට නඩු පැවැරීමට අපේ නීතිපති දෙපාර්තමේන්තුවටත් කාලයක් ගත වුනා. පසුගිය රජය සමයේ සිදු වූ හොරකම්, මනුෂ්‍ය ඝාතන වල සියලු තොරතුරු දැන් ටික ටික එළියට එනවා. මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයෙක්. එතුමා හන්දි ගානේ මයික්‍රෝෆෝන වලට උත්තර නොදී නිව්යෝර්ක් ටයිමිස් පුවත්පතට අදාල කරුණු දැක්වීම කළ යුතුයි.”

අනෙ මේ.. විමල් දන්න නිව්යෝර්ක් ටයිම්ස් !

“මම අද උදෑසන දැක්කා මාධ්‍යයේ පළ වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද ප්‍රකාශ කරනවා නිව්යෝර්ක් ටයිම්ස් පුවත බොරුවක් කියලා. මම කියන්න කැමැතියි එම මන්ත්‍රිවරයා ගැන කථා කරලා වැඩක් නැහැ. ඔහු නිව්යෝර්ක් ටයිම්ස් කියලා පුවත්පතක් තියෙනවා ද කියලාවත් දන්නේ නැතුව ඇති. කියවලත් නැතුව ඇති”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න