මහින්ද ගත්ත  ඩොලර් මිලියන 6.7 : චීන තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප නොකරයි !

මහින්ද ගත්ත  ඩොලර් මිලියන 6.7 : චීන තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප නොකරයි !

ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් චීන සමාගමක්  මුදල් වැය කර ඇති බවට  නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කළ අනාවරණයට ප්‍රතිචාරයක් ලෙස ශ්‍රී ලංකා චින තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇති නමුත් එහි කිසිඳු අවස්ථාවක චයිනා හාබර් සමාගම හිටපු ජනාධිපති මහින්දට ඩොලර් මිලියන 7.6ක් ලබාදීම ප්‍රතික්ෂේප කර නොමැත.

එසේම චින තානාපති කාර්යාලය නිකුත්කළ එම නිවේදනයේ නිව්යොර්ක් ටයිම්ස් වාර්තාව අසත්‍යක් බවක් හෝ  එය මුලුමනින්ම ප්‍රතික්ශේප කරන බවක් හෝ සඳහන් කර නොමැත.

ඒ වෙනුවට එහි සඳහන්ව ඇත්තේ නිව්යෝර්ක් ටයිම්ස්  වාර්තාව දේශපාලනික පූර්වදෝශීත්වයකින් ලියා ඇති බවත් පරස්පරතාවලින් ගහන බවත් පමනකි. චීන තානාපති කාර්යාලයේ අනෙක් කාරණා රාජතාන්ත්‍රික වචන රාශියක් පමණි. එසේම පසුගියදා දෙරණ රූපවාහිනියද චීන තානාපති කාර්යාලය උපුටා දක්වමින් ප්‍රචාරය කළ පුවතේද සඳහන් වුයේ අදාළ සිදුවීම පෞද්ගලික සමාගමක ව්‍යාපාර කටයුත්තක් බැවින් මේ මොහොතේ චීන තානාපති කාර්යාලය මීට වඩා මැදිහත්වීමක් සිදුනොකරන බවය.

චීන තානාපති කාර්යාලයේ දේශපාලන ප්‍රධානියා දෙරණට කියපු කතාව 
Capturederana

ස්වීඩන් රූපවාහිනී අනාවරණයත් බොරුද ? 

කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දක්වන විචාරකයින් පෙන්වා දෙන්නේ චයිනා හාබර් සමාගම විසින් මහින්ද රාජපක්ෂ වෙත මෙම මුදල ලබාදුන් බවට පිළිගැනීමක් කිසිසේත්ම චීන රජයේ පාර්ශවයෙන් බලාපොරොත්තු විය නොහැකි බවය. එසේම මේ වන විටත් රාජපක්ෂ පාලන සමයේ චීන ණය උගුල වෙත මෙරට ගාල්කළ ආකාරය ස්වීඩන් රූපවාහිනියද අනාවරණය කර ඇති අතර ඒ සම්බන්ධවද රාජපක්ෂ පාර්ශවය පිළිතුරු දිය යුතුව තිබෙන බව ඔවුන් පෙන්වා දෙයි.

එසේම නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය බොරු නම් රාජපක්ෂ මහතා කළයුතුව ඇත්තේ ඇත්ත මොකක්දැයි පැහැදිළිකර එම පුවත්පතට පිළිතුරක් යැවීම බවත් එය ද පළකරන ලෙස දැනුම්දීම බවත්ය. එහෙත් ඒ වෙනුවට රාජපක්ෂ මහතා ලංකාවට නිවේදන නිකුත් කිරීමෙන් පෙනී යන්නේ ඔහු නිව්යෝර්ක් ටයිම්ස් මඟහැර ජනතාව නොමග යැවීමේ පරමාර්ථයෙන් මෙසේ හැසිරෙන බවට සැකයක් බවද ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න