නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් ලබා ගෙන ඇති බවට කරන හෙළිදරව්ව පැහැදිලි සත්‍යක් බව විශ්වාස කල හැකි බවත් අදාළ ලිපියේ තිබූ දේවල් සහ ප්‍රායෝගිකව සිදුවූ දේවල් දෙස බලන විට එය පැහැදිළි වන බවත් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කරයි.
අමාත්‍යයවරයාගේ නිවසේදී අද (01) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර ඇති අතර රාජපක්ෂ මහතා බෙදූ ඔරලෝසු , සාරී ආදිය තමන්ටද ලැබී ඇති බවත් ඒවා තවමත් තමන් සතුව ඇති බවද සඳහන් කර ඇත.
එසේම නිව්යෝර්ක් ටයිම්ස් සිදුකල අනාවරණය අනුව එතරම් විශාල ගනුදෙනුවක් සිදුව ඇත්නම් එය අල්ලසක් බවත් එහෙයින් මේ පිළිබඳ විමර්ශනයක් සිදුකිරීම ආණ්ඩුවේ යුතුකමක් වන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කර ඇත.
ආණ්ඩුවේ බළධාරීන්ට විශාල වගකීමක් තියෙනවා මේ පිළිබඳව කරුණු සොයා බැලීමට. ඒ වගේම මට පුදුමයක් තියෙනවා මේ පුවත දැන් එළියට ඇවිත් දින කිහිපයක් වෙනවා තාමත් ආණ්ඩුව පැත්තෙන් කථා කරන්නේ නෑ, ඒ නිසා ආණ්ඩුව මීට වඩා මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.
අඹ ගෙඩි දෙකක් හොරකම් කළත් හිරේ දානවා පුංචි පුංචි හොරකම් ගැන කථා කරනවාට වඩා මේ විදිහට විශාල මුදලක් වංචා වෙලා තිබෙනවා නම් ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ වැඩි වෙන කාලයට බඩු මිල වැඩි කරන්නත්, අඩුවෙන කාලයට බඩු මිල අඩු කරන්නත් කියන එක. ඒක ප්‍රායෝගික ක්‍රමයක්. ඒ නිසා ගෑස් මිල රුපියල් 138 කින් අඩු වුණා. මේක ජනතාවට විශ්වාසය තැබිය හැකි ක්‍රමයක්.
ගෑස් මිල හදිස්සියේ අඩු කලේ පළාත් සභා මැතිවරණයක් ඉලක්ක කර ගෙන නෙමෙයි. ගෑස් මිල අඩු කලේ මැතිවරණයක් බලා ගෙන කියලා කවුරු හරි හිතනවා නම් ඒක මම හිතන්නේ දේශපාලනය නොදන්නා කෙනෙකුගේ තර්කයක් ඒක.
නමුත් පළාත් සභා මැතිවරණය ඉතාම ඉක්මණින් තියන්න කියලා අපි කියනවා. අපිට පළාත් සභාව කවුද ජයග්‍රහණය කරන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නය. පළාත් සභාව පාලනය කරන්න දේශපාලඥයෝ අවශ්‍යයි. ඒ නිසා අපිට අවශ්‍යය කරන්නේ සාධාරණ ක්‍රමයකට නිවැරදි ක්‍රමයකට, පළාත් සභා මැතිවරණය පැවැත්වීමයි.

