රට සංවර්ධනයේ නව පෙරළියක් ඇති කිරීම සඳහා මේ වසරේදී සහ ලබන වසරේදී රුපියල් බිලියන 160 – 200 අතර මුදලක් වියදම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියි.
කැලෑබොක්ක රජයේ වතුයායේ ක්‍රීඩාපිටියේදී අද (01) පැවති වතු කම්කරු ජනතාව සඳහා පර්චස් 7 බැගින් ඉඩම් කැබලි 500ක් පවරාදීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
ඉඩම් නැති ජනතාවට ඉඩමක අයිතිය ලබා දීම ඩි.එස්. සේනානායක යුගයේ සිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව කී අග්‍රාමාත්‍යවරයා හිට්ලර්ගේ සහෝදරයාට මෙවැනි දේ කරන්නට නොහැකි වූවාට තමා කරන්නේ කුමක්දැයි ද එහිදී ප්‍රශ්න කළේය.

