මහින්ද ඩොලර් ගත්තාද? : චීන තානාපති කාර්යාලයේ නිවේදනය මෙන්න !

මහින්ද ඩොලර් ගත්තාද? : චීන තානාපති කාර්යාලයේ නිවේදනය මෙන්න !

ශ්‍රී ලංකාව සමඟ සෑම විටම මිත්‍රත්වය ශක්තිමත්ව පවත්වාගෙන යාම චීනයේ අරමුණ බවත්  මෙරට නිදහස, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවයට ගරු කරන බවත්  ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය මේ බව සඳහන් කරන අතර ඒ ඊට පදනම්වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේ දී චීනය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  වෙනුවෙන් මුදල් වැය කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාවය.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවට හුදෙක් දේශපාලනමය පූර්ව විනිශ්චයන්ගෙන් පිරුණු, සාක්ෂිවලින් තහවුරු කළ නොහැකි වාර්තාවක් බවට විවිධ පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එසේම එහි  වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඕනෑම රටක් මැදිහත් වීම චීනය ප්‍රතික්ෂේප කරන බවය.

තවද ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා සෑමවිටම දෙපාර්ශවය අතර පුළුල් සංවාදය, ඒකාබද්ධ දායකත්වය සහ දෙරටේ ජනතාව අතර ප්‍රතිලාභ බෙදා ගැනීමේ ස්වර්ණමය රීතිය මත පදනම් වන බවද එහි සඳහන්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න