මෛත්‍රීට කියලම මහින්දව අගමැති කරවනවා - ඩිලාන්

මෛත්‍රීට කියලම මහින්දව අගමැති කරවනවා - ඩිලාන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව  එළඹෙන මැතිවරණයකට පෙර රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත්කර ගැනීමට හැකි  සියලු උපක්‍රම භාවිතාකරන බව පර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර ජාතික ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනා ඇතුළුව  මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ 70 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිටින බවද  මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙම 70 දෙනා ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ 80 දෙනෙකු දක්වා වැඩිකර ගැනීම අපේක්ෂා කරන බවත්  පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය නැති කිරීම එහි ප්‍රධාන අපේක්ෂාව බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

එසේම  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරනයක් සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුට සහය දක්නව බවත් මන්ත්‍රීවරයා පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න