“ඊළඟ රාජපක්ෂ” නිසා විමල් හැලෙයි

“ඊළඟ රාජපක්ෂ” නිසා විමල් හැලෙයි

මහින්ද රාජපක්ෂගෙන් පසුව තම කඳවුරේ දේශපාලන නායකත්වය ලැබිය යුතු සුදුසුම රාජපක්ෂ වන්නේ ගෝඨාභය බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කර සිටියි.

පසුගියදා පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත.

මහින්ද ඉස්සුවේ අපි

2018 පෙබරවාරි 18 නුගේගොඩ රැළිය අවසන් කිරීමෙන් පසුව “මේ අය නැත්නම් මෙලහකට මං හිතලා හිතලම මැරිලා”කියා මහින්ද රාජපක්ෂ පැවසූ බවත් ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් කිරීමට එතරම් මෙහෙයක් සැපයු තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවන අනිත් සෑම පක්‍ෂයකටම සාධාරණ අපේක්‍ෂක සංඛ්‍යාවක්‌ නොලැබීමේ කණගාටුදායක ප්‍රශ්නයක් මතුව ඇති බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර ඇත.

ජාතිකවාදී පක්‍ෂ ඈත්කරන්න යන්නෙ

මෙසේ තමන් ඇතුළු අනෙක් දේශපාලන පක්ෂ වෙත සාධාරණ අපේක්ෂක සංඛ්‍යාවක් ලබානොදීම ඉතාම අකෘතඥ සහ එම පක්‍ෂ මෙම ප්‍රවාහයෙන් එළියට තල්ලු කරල දැමීමේ වෑයමක්‌ ලෙස හඳුන්වන විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඒකාබද්ධයේ සමහරුන්ට අනිකුත් ජාතිකවාදී පක්‍ෂ සූක්‍ෂම ලෙස ඈත් කිරීමට අවශ්‍ය වී තිබෙනවාද යන ප්‍රශ්නයක්ද ඇති බවයි.

මැදමුලන බල අරගල

මේ අතර ඒකාබද්ධ විපක්ෂය තුළ මතුව ඇති දේශපාලන අර්බුදයේ ප්‍රධාන හේතුව රාජපක්ෂ පවුලේ කාලයක පටන් තිබෙන බල අරගලය ඔඩුදිවීම බව එහි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

වාර්තා වන ආකාරයට මහින්ද රාජපක්ෂගෙන් පසුව මැදමුලන පවුලේ නායකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂව යෝජනා කල පාර්ශව වෙත මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණේ නාමයෝජනා අවම කර ඇත.

විමල් කැමතියි - MR අකමැතියි

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුඩා පක්ෂ ගණනාවක් පසුගිය සමය පුරා මහින්දගේ අනුප්‍රාප්තිකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ සුදුසු බවට මතයක් ඉදිරිපත් කර ඇත.

එහෙත් රාජපක්ෂ පවුලේ බහුතරයකගේ අදහස වී ඇත්තේ ගෝඨාභය වෙනුවට මීළඟ රාජපක්ෂ ලෙස නාමල් සුදානම් කලයුතු බවත් 2025 දක්වා ඊට කල් තිබෙන බවත්ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න