ඒකාබද්ධ විපක්ෂය හදන්න කිව්වේ ජනාධිපති

ඒකාබද්ධ විපක්ෂය හදන්න කිව්වේ ජනාධිපති

ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගීම සඳහා තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම්දුන්නේ ජනාධිපතිවරයා බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරාධ හේරත් සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා පැවති දේශපාලන සංවාද වැඩසටහනකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ ආණ්ඩුවට එක්වීම ප්‍රතික්ෂේප කරනවා නම් එසේ කටයුතු කරන ලෙසත් ආණ්ඩුව ගෙනෙන පනත් හා යෝජනා වලට විරුද්ධ නම් පාර්ලිමේන්තුවේදී ඊට එරෙහිව ජන්දය භාවිත කරන ලෙසද තම පාර්ශවයට උපදෙස් ලැබුණු බවය.

එසේම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම මේ වන තුරුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව් නැති බවත් තමන් මේ මොහොතේ විරුද්ධව සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වලට සහය දෙමින් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ප්‍රතිපත්තියට බවද මන්ත්‍රීවරයා පැවසීය.

මන්ත්‍රීවරයාගේ මෙම අදහස් දැක්වීම පිළිබඳ අප කළ විමසීමකදී ආණ්ඩුවේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ කිසිඳු අවස්ථාවක ජනාධිපතිවරයා එවැනි උපදෙසක් ලබාදී නොමැති බවත් බැසිල් රාජපක්ෂගේ ගෝලයන් කරන එවැනි ප්‍රකාශ පිළිබඳ අනුකම්පා කල යුතු බවත්ය.

එසේම මේ මොහොතේ ශ්‍රීලනිපය දුර්වල කිරීමේ කොන්ත්‍රාත්තුව සිදුකරන්නේ කව්ද යන්න රට හමුවේ හෙළිදරව් වෙමින් ඇති බවත් පක්ෂයේ ප්‍රතිපත්ති අගයන අය මේ මොහොතේ සිටිය යුත්තේ පක්ෂ අභ්‍යන්තරයේ මිස පක්ෂය දුර්වල කරන්නට කටයුතු කරන පාර්ශව සමඟ නොවන බවත් එම ප්‍රකාශකයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න