Language Switcher

V2025

බැඳුම්කර වාර්තාවෙන් හැංගෙන්න හිටපු ඇමති මඩ මෙහෙයුමක

රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාවට ලැබෙන සමාජ අවධානය වෙනතකට යොමුකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය මෙහෙයුමක් අරඹා ඇති බව වාර්තා වෙයි.

මෙම මාධ්‍ය මෙහෙයුම දියත් කිරීම සඳහා ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘවරයා මෙන්ම අදාළ දේශපාලනඥයා අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරන සමයේ රුපියල් මිලියන ගණනක වෙළඳ දැන්වීම් ලබාදුන් සමාජ ජාල වෙබ් අඩවි කිහිපයක්ද යොදාගෙන ඇත.

වාර්තා වන ආකාරයට පසුගිය දින කිහිපයක සිට ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය ඇතුළු රාජපක්ෂ පාලන සමයේ සිදුවූ අපරාධ වලට සම්බන්ධ බවට අලුත් නම් සමාජය වෙත පැමිණ ඇත්තේ ඒ අනූවය.

පළවන ප්‍රවෘත්ති වාර්තා සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රකාශකයකු වෙතින් අප කළ කරුණු විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ යහපාලන ආණ්ඩුවේ වැඩිම දුෂණ චෝදනා ප්‍රමාණයක් එල්ලකර ගනිමින් ආණ්ඩුව සමාජ අපවාදයට ඇද දැමු මෙම දේශපාලනඥයා මේ වන විට සිදුකරමින් සිටින්නේ තමන්ට අමාත්‍යධුරය අහිමි කළ බවට සැකකරන පාර්ශව වෙතින් පලි ගැනීම සඳහා මෙම කටයුත්ත සිදුකරන බවය.

එසේම මුදල් දෙනවා නම් ඕනම අයෙකුට එරෙහිව ලියන පාර්ශව යොදාගනිමින් සිදුකරන මෙම මාධ්‍ය මෙහෙයුම එම පාර්ශව වෙතම පාරාවළල්ලක් පත්වීමේ ලකුණු දැනටමත් පෙනෙන්නට ගෙන ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ කට වචන සහ මඩ මාධ්‍ය මෙහෙයුම් මේ වන විට කල් ඉකුත්වූ ක්‍රමයක් බවත් අද ජනතාව විශ්වාස කරන්නේ සාක්ෂි සහිතව කරුණු කාරනා සහිතව ඔප්පු කරන පුවත් වාර්තා පමණක් වන බවය.

ඊට නිදර්ශන ලෙස ඔහු දක්වා සිටියේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට පෙර ඊ නිව්ස් වෙබ් අඩවිය ජනාධිපතිවරයා සම්බන්ධව පලකළ වාර්තා සහ කොමිසම පත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා සම්බන්ධව පලකළ මාධ්‍ය වාර්තා ගැන සොයා බැලීම හොඳටම ප්‍රමාණවත් බවය.

එහිදී කොමිසමට පෙර ලෝකයේ හොඳම ජනාධිපතිවූ මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසම හමුවේ අදාළ දේශපාලනඥයාගේ දුෂිත දේශපාලන ක්‍රියාවන් හෙළිවීමට ගැනීමත් සමඟ ක්‍රමයෙන් ලොව නරකම පාලකයා බවට පත්කරනු ලැබූ බව ඔහු පෙන්වා දුන්නේය.

එසේම බැඳුම්කර කොමිසම හමුවේ සිය දුෂිත දේශපාලන ක්‍රියා හෙළිවීමෙන් පසුව බැඳුම්කර ගනුදෙනුව සඳහා අග්‍රාමාත්‍යවරයා මුළුමනින්ම වගකිවයුතු බවට ඉලක්ක ගත කර මාධ්‍ය මෙහෙයුමක් දියත්වූ බවත් ඒ සඳහා රාජපක්ෂ රෙජීමයේ මාධ්‍ය ක්‍රියාකාරීන්ට මිලියන ගණන් මුදල් වියදම් කර තිබෙන්නේ එම දේශපාලනඥයා බවද ආණ්ඩුවේ ප්‍රකාශකයා පැවසීය.