බැදුම්කර ගනුදෙනුවෙන් ‘මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදට‘ ට ද සුද්ධයක් දී, එම මුදල් භාවිත කර විශාල ලාභයක් ලබා ඇතැයි ද, එමගින් මහපොළ අරමුදලට ලබාගත හිමි විය යුතුව තිබූ විශාල පොලී මුදලක්, ද පාඩු වී ඇතැයි ද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ කීර්ති තෙන්නකෝන් පවසයි.
රාජගිරීයේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කල අතර මහපොළ අරමුදලට බැදුම්කර ගනුදෙනුව නිසා සිදුව ඇති පාඩුව කොපමණ ද යන්න තවමත් නිශ්චිතව ගණන් බලා නොමැති බවද ඔහු සඳහන් කර සිටියි.
එසේම රු. මිලියන 440 ක මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල් බැදුම්කර ගනුදෙනුවට යොදාගෙන ඇත්තේ ‘ලංකා බැංකුව‘ හරහා ද්විතීය මිලදී ගැනීම් සිදු කිරීම මගින් බවත් පර්පචුවල් සමාගමට ලැබුණු අභ්‍යන්තර තොරතුරු මත සාමාන්‍ය වෙළදපොළ වටිනාකමට අඩුවෙන් මිලදී ගනු ලැබූ බැදුම්කර, එම සමාගම රජයේ නිලධාරීන්ට විවිධ වරප්‍රසාද, අල්ලස් ලබා දෙමින් ‘රජයේ අරමුදල්වල‘ ආයෝජනය කිරීමට පොළඹවා ගෙන ඇති බවද ඔහු එහිදී සඳහන් කර ඇත.
එමෙන්ම දැනටමත් සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ අරමුදල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අරමුදල්, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා මෙලෙස ද්විතීය වෙළෙදපොල හරහා ලබා ගෙන ඇති බවත් අලුත්ම අනාවරණයට අනුව අවම වශයෙන් ‘මහපොළ‘ අරමුදල රු. මිලියන 18ක් මෙහිදී අහිමිකර ගෙන ඇති බවද ඔහු සඳහන් කරන අතර මෙය මසකට රු. 5,500 බැගින් වසරකට සිසුන් 270 කට වැඩි පිරිසකට මහපොල ලබාදීමට තරම් වන මුදලක් බවද පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මේ පිළිබද මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල වෙතින් කළ විමසීමක දී, ඔවුන් තහවුරු කර ඇත්තේ අදාළ පාඩුව අය කර ගැනීමට මහ බැංකුවේ හා නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මේ වන විටත් නඩු පවරා ඇති බවද කීර්ති තෙන්නකෝන් සඳහන් කර සිටියි.

