වටේ නොගිහින් නීතිය ඉදිරියට යන්න : නිදහස් වෘත්තීයවේදීන් මහින්දට කියයි ! 

වටේ නොගිහින් නීතිය ඉදිරියට යන්න : නිදහස් වෘත්තීයවේදීන් මහින්දට කියයි ! 

නිව්යෝර්ක් ටයිම්ස්’ අනාවරණය බොරු නම් මහින්ද රාජපක්ෂ මහතා එම පුවත්පතට එරෙහිව  නීති මඟට යා යුතු බව  ශ්‍රී ලංකා නිදහස් තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ කමිටු සාමාජික නීතිඥ රජික කොඩිතුවක්කු සඳහන් කරයි.

ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කල අතර රාජපක්ෂ මහතා නීතිඥවරයෙක් මෙන්ම  රටේ හිටපු ජනාධිපතිවරයා බැවින්  දිවුරුම් පෙත්සම් දෙනවා වැනි  මෝඩ වැඩ නොකළ යුතු බවත් ඒ වෙනුවට  චීන සමාගමට අනුබද්ධ ගිණුමෙන් තමාට චෙක්පතක් ලැබුණද නැද්ද කියන කාරණාවට පැහැදිලි උත්තරයක් දිය යුතුව ඇති බවද පැවසීය.

එසේම රටේ මිනිස්සු මේවා ගැන අවදියෙන් සිටිය යුතු බවත්  හොඳ මිනිසුන්ගේ නිද්‍රාශීලීකම  නුහුගුණ සහිත මිනිසුන්ට ඉදිරියට ඒමට පාර කපන්නාක් බවද එහිදී  නීතිඥ රජික කොඩිතුවක්කු සඳහන් කර ඇති අතර  'කම්බ' හොරු, දේශප්‍රේමී වීරයෝ වෙච්ච සමාජයකයි ජීවත්වන බව සිහිතබා ගතයුතු බවද පවසා ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  නීතිඥ රජික කොඩිතුවක්කු මෙසේද පවසා ඇත.

ඔළුවට වෙඩි තියාගන්න වේවි :

එක ඩොලරයක් හරි තමා ගත් බවට ඔප්පු වුණොත් ඔළුවට වෙඩි තියාගෙන එතුමා සියදිවි නසා ගන්නවා කිව්වා. දැන් කීපාරක් ඒ කාර්ය එතුමාට කරගන්න වේවිද?

එතුමාම කියනවා එතුමා හොරෙක් නෙවෙයි කියලා. එතුමා මගේ රට ඔබේ රට උකස් කරලා ඒකෙන් අල්ලස් ගත්තා. ඒ අල්ලස තමයි අපට දැනගන්න ලැබුණු ඩොලර් බිලියන 7.6ය. නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් ගනුදෙනුව. අනෙක් පුතාගේ සී.එස්.එන්. නාළිකාව ආදී බොහෝ මගඩි අද රටම අමතක කරලා.
හිටපු ජනාධිපතිතුමා උදයංග වීරතුංගව ලංකාවට ගෙනත් දෙන බවට පවසමින් සිදු කළ අභියෝගය තමයි පුළුවන්නම් අර්ජුන මහේන්ද්‍රන්ව ගෙනැල්ලා පෙන්වන්න කියන එක. 'අපේ හොරා මම ගේනවා.' උඹලගේ හොරා උඹ ගෙනෙන්' වගේ හොරු හොරුන්ට අභියෝග කිරීමක් තමයි මෙතැනදී පේන්නෙ. මේකෙන් පේන්නෙ හොරු වීරයෝ වෙලා කියන එකයි.

මහින්ද අත්අඩංගුවට ගත යුතුයි :

මෙතැනදී අත්අඩංගුවට ගත යුතු පළමු කෙනා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා. මොකද හොරෙක්ව හංගාගෙන සිටීම නිසා. හොරා ඉන්න තැන දැනගෙන නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට එම තොරතුරු ලබා නොදීමත් වරදක්.

ඊළඟ ජනාධිපතිවරණයේදී වෙන පක්ෂවලින් කවුරු එනවද කියනඑක අපට ප්‍රශ්නයක් නැහැ. අපි තරගයට අනිවාර්යයෙන්ම සූදානම්. ජයග්‍රාහකයා කවුද කියන එක මිනිස්සු තීරණය කරයි. ගෝඨාට බලය ලැබුණොත් වෙන්නේ හිට්ලර් නෙවෙයි ගොට්ලර් කෙනෙක් බිහිවෙයි. පොලිස්පතිතුමා, තමන්ගෙ රාජකාරිය හරියට කරන්නෙ නැතිව අනෙක් හැමදේම කරනවා. රාජකාරිය හරියට කරන්න බැරි නම් අයින් වෙන්න.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න