ගෝඨාභයගේ පෙත්සමක්  අභියාචාධිකරණයේ විමසුමට ! 

ගෝඨාභයගේ පෙත්සමක්  අභියාචාධිකරණයේ විමසුමට ! 

ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් අද(02) අභියාචනාධිකරණය හමුවේ සලකා බලා ඇත.

අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීම සිදුකෙරුණු අතර එහිදී ගෝඨාභය රාජපක්ෂ  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් පනත යටතේ මෙවැනි දූෂණ චෝදනාවක් පිළිබඳව නඩු පැවරීමේ දී එම නඩුව පැවරීමට අදාලව අල්ලස් කොමිසමේ ලිඛිත අනුමැතිය අඩංගු ලේඛනය අධිකරණය හමුවේ ගොනු කළ යුතු බවත් එහෙත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට නඩු පැවරීමේදී අල්ලස් කොමිසම එම ලිඛිත අනුමැතිය අඩංගු ලේඛනය අධිකරණය හමුවේ ගොනු කර නොමැති බවත් පෙන්වාදී ඇත.

ඒ අනුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා  පෙන්වාදී ඇත්තේ  අල්ලස් පනත යටතේ එම ලිඛිත අනුමැතිය නොමැතිව නඩු පැවරීම නිත්‍යානුකූල නොවන බවත් එහෙයින් අදාළ නඩු විභාගය අත්හිටුවන ලෙසත්ය.

එහිදී අධිකරණය රජයේ නීතිඥවරයාට දන්වා ඇත්තේ  මෙම කරුණ සම්බන්ධයෙන් මීළඟ දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසය.  ඒ අනුව මෙම පෙත්සමේ වැඩිදුර විමසීම මේ මස 0 4  වනදාට කල් තැබිණි.

අදාල පෙත්සම ගොනුකරමින් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර ඇත්තේ ඇවන්ගාඩ් නඩුව සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත තමා ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එය ද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළ බවය.
මේ හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයේ තීන්දු නීති විරෝධී බවට ප්‍රකාශ කොට ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු ඇවන්ගාඩ් නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කිරීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අධ්‍යක්ෂණ අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න