පටු  අවශ්‍යතා නිසා  පාසල් වහන්න දෙන්නේ නෑ - අකිල 

පටු  අවශ්‍යතා නිසා  පාසල් වහන්න දෙන්නේ නෑ - අකිල 

වෘත්තිය සමිතිවලට සහ මාධ්‍ය ආයතනවලට අවශ්‍ය පරිදි  පාසල් වසා දැමිය නොහැකි බවත් අනිද්දා (4) දිනයේ දිවයින පුරා පිහිටි සියලූම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.      

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ අද (2) පැවති මාධ්‍ය හමුවකදීය.

පාසල් වසා දමන බවට ව්‍යාජ වාර්තා පල වීමෙන් ලක්ෂ 42ක් වන පාසල් දරුවන් මේ වන විට අපහසුතාවයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එමෙන්ම එක් එක් පුද්ගලයාගේ දේශපාලන ඕනෑ එපාකම් මත අධ්‍යාපනය සමඟ සෙල්ලම් කිරීමෙන් වළකින ලෙසට සියලූම දෙනාගෙන් ඉල්ලීමක් කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා  එහිදී සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න