16 කණ්ඩායමේ ශ්‍රීලනිප නිලධාරීන් 6ක් : මෛත්‍රීට පිටුපායි ! 

16 කණ්ඩායමේ ශ්‍රීලනිප නිලධාරීන් 6ක් : මෛත්‍රීට පිටුපායි ! 

ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායම නියෝජනය කරන ශ්‍රීලනිප පක්ෂ නිලධාරී මණ්ඩලයට අයත් 6 දෙනෙකු ඊයේ (02) රාත්‍රියේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේ පැවති පක්ෂ නිලධාරී මණ්ඩල  සාකච්ඡාව වර්ජනය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ   නිලධාරි මණ්ඩලය තුළ  කටයුතු කරන මන්ත්‍රීවරුන් 8 දෙනෙක්,16 කණ්ඩායම නියෝජනය කරන නමුත් වාර්තා වන ආකාරයට ජනාධිපති නිල නිවසේ පවත්වන ශ්‍රීලනිප සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව දන්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්.බී.දිසානායක පමණි.

ඔහු තමන් ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත බැවින් නිලධාරි මණ්ඩල රැස්වීමට සහභාගි නොවන බව ශ්‍රි.ල.නි.ප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වෙත දන්වා ඇති බව දැනගන්නට ඇත.

එහෙත් 16 කණ්ඩායම නියෝජනය කරන, ශ්‍රීලනිප නිලධාරී මණ්ඩලය නියෝජනය කරන  6 දෙනෙකු රැස්වීමට සහභාගි වන බවට දැනුම් දීමක් කර නැති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේ මෙම සාකච්ඡාව කැඳවා තිබී ඇත්තේ ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල හා ඉදිරි දේශපාලන  කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

16 කණ්ඩායමේ ශ්‍රීලනිප නිලධාරීන් මහින්දගේ ගෙදර  

ජනාධිපතිවරයා විසින් කැඳවා තිබු පක්ෂ නිලධාරී හමුවට නොපැමිණි 16 කණ්ඩායම නියෝජනය කරන ශ්‍රීලනිප නිලධාරී කණ්ඩායම ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති සාකච්ඡාවට සහභාගීව ඇත.

මාධ්‍ය වාර්තා කළ ආකාරයට ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම  එකාබද්ධ විපක්ෂ පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙසේ  හමුවී ඇත්තේ ප්‍රථම වතාවටය.

මහින්දගේ කතාව 

මෙම හමුව අවසානයේ මාධ්‍ය විසින් ජනාධිපතිවරයා කැඳවා තිබූ සාකච්ඡාවට සහභාගී නොවීම සම්බන්ධව 16 කණ්ඩායම වෙතින් විමසු අවස්ථාවේ ඊට පිළිතුරු දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත්ව ඇති ඇති අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ "එයාලා කොහේ යන්නද එයාලා මෙහෙනෙ" කියාය.

දයාසිරි සහ එස්.බී තීන්දුවක් අරගෙන ?

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ නොවීමට 16 කණ්ඩායම නියෝජනය කරන එස්.බී .දිසානායක සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බවය.

එසේම 16 කණ්ඩායමේ පිරිසක් සමඟ මේ වන විටත් පක්ෂය නැවත නගාසිටුවීම සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව ශ්‍රීලනිප ප්‍රබලයන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තා වෙයි. ඔවුන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධවීම ප්‍රතික්ෂේප කරන බවත් එහෙත් මේ මොහොතේ විපක්ෂයේ සිට පක්ෂයට සහදීමට නියමිත බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න