2015 ජනාධිපතිවරණය වෙනුවෙන් හම්බන්තොට වරායේ ඉදිකිරීම් සිදුකල චයිනා හාබර් සමාගම විසින් මහින්ද රාජපක්ෂ වෙත ඩොලර් මිලියන 7.6 ක් ලබාදුන් බව අනාවරණය කළ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව සම්බන්ධව රාජපක්ෂ පාර්ශවය එල්ල කරන චෝදනා සම්බන්ධව අදාළ ලිපිය සැකසූ මාරියා අබි හබීබ් මාධ්‍යවේදිනිය පිළිතුරු ලබාදී ඇත.
ඒ ඇයගේ ට්වීටර් ගිණුමේ සටහන් තබමින්ය.
මේ වන විටත් එම ලිපිය සම්බන්ධව එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන ඇය තම ලිපිය මුළුමනින්ම සත්‍ය කරුණු මත පදනම්ව සකස් කල බවත් වාර්තාව පල කිරීමට පෙර මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් කරුණු විමසීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දැරූ නමුත් එය අසාර්ථක වී යැයි ද එහි අවධාරණය කර ඇත.
එහිදී ඊමේල් , ජංගම දුරකතනය සහ වට්ස් ඇප් යන ක්‍රම හරහා මහින්ද රාජපක්ෂ පාර්ශවය සම්බන්ධකර ගැනීමට උත්සාහ රැසක් දැරුවද ඒවා සියල්ල ව්‍යාර්ථ වු බවත් ඇය දක්වා ඇත.
හිටපු බහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසූ නමුත් ඔහුගෙන්ද චෝදනාවලට අදාලව නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවත් සඳහන් කරන ඇය එහිදී කබ්රාල් මහතා සිය ට්වීටර් නිකුත් කළ නිව්යෝර්ක් ටයිම්ස් සම්මුඛ සාකච්ඡාවද හාස්‍යට ලක්කර තිබේ.
කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාලව ප්‍රතිචාර දැක්වීමට මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ පාර්ශවයට තවදුරටත් අවස්ථාව ඇති බවද සඳහන් කර ඇය මේ මොහොතේ පවා ඒ සඳහා අවස්ථාවක් ලබා දීමට සුදානම් බවත් ඇය සඳහන් කර ඇත.
අදාළ මාධ්‍යවේදිනියගේ ට්වීටර් ගිණුම වෙත මෙම සබැඳියාවෙන් යොමුවිය හැකිය.

