සමගි කරවීමේ සාකච්ඡා බිඳ වැටීමට හේතුව ? - එස්.බී. කියයි

සමගි කරවීමේ සාකච්ඡා බිඳ වැටීමට හේතුව ? - එස්.බී. කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය සමඟි කරවීමේ සාකච්ඡා අසාර්ථක වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එක්වනවාට එරෙහි වූ දෙදෙනා මෙන්න?

කෙසේවුවද අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයින් එක්වීමට විරුද්ධ වූ දෙදෙනෙකු පිළිබදව අනාවරණය කළේය.

එම දෙදෙනා වන්නේ ප්‍රසන්න රණතුංග හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරුන් බව අමාත්‍යවරයා පැවසිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ අතර පැවැත්වූ බව කියන දුරකතන සංවාදය පිළිබදව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ විය.

මාධ්‍යවේදීන් මේ පිළිබද විමසා සිටි අවස්ථාවේදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමා නොදන්නා බවය.

නමුත් පක්ෂය එක් කිරීම සඳහා ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ජනාධිපතිවරයා සූදානම් බව පවසා ඇතැයි ඔහු පැවසිය.

එමෙන්ම පක්ෂය එකමුතු කිරිම සඳහා පැවති සාකච්ඡා සඳහා තමාද සහභාගී වූ බව ඔහු කියා සිටියේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න