දිනේෂ් කට අරී : ශ්‍රියානි ගියේ ඇයි කියයි

දිනේෂ් කට අරී : ශ්‍රියානි ගියේ ඇයි කියයි

දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ඒකාබද්ධ විපක්ෂයේ හැර යාමේ වගකීම එම දිස්ත්‍රික්කයේම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා විසින් භාරගත යුතුයැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල නාමයෝජනා ලබාදීමේදී විමලවීර දිසානායක මන්ත්‍රීවරයා ඉතා වැරදි හා අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් විජේවික්‍රම මහත්මිය ඒකාබද්ධ විපක්ෂය ගිය බවද ඔහු පැවසීය.

දිගාමඩුල්ල නාමයෝජනා ගැටළුව සාදාරන ලෙස විසඳාගැනීමට ඒකාබද්ධ විපක්ෂ ට අයත් සියලු පක්ෂ සාකච්ඡා කිරීමට සූදානම් වූ ද විමලවීර දිසානායක මන්ත්‍රීවරයා කිසිදු සාකච්ඡාවකට සූදානම් නොවූ බවද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

 බැසිල් ගැන කියන්න කොන්ද පන නැහැ :

 කෙසේ වෙතත් විජේවික්‍රම මන්ත්‍රීවරිය ඒකාබද්ධ විපක්ෂය හැරයාම හෙළා දකින අතර ඇයට එරෙහිව මහජන එක්සත් පෙරමුණ විනයානුකූල පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

විමලවීර දිසානායක මන්ත්‍රීවරයා පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ අනුගාමිකයෙකු බව ඒකාබද්ධයේ සියලු දෙනා හොඳින් දන්නා නමුත්, දිනේෂ් ගුණවර්ධන මහතා බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පළකිරීමට බියෙන් පසුවේ.

සබැඳි පුවත් :

දිනේෂ් හා විමල් කනස්සල්ලෙන් : 'ඕන කෙනෙකුට යන්න පුළුවන්' - මහින්ද කියයි

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න