රාජ්‍ය පරිපාලන අංක 6/2006 චක්‍රලේකය මගින් රාජ්‍ය සේවයේ සේවක පිරිස පහළ ශ්‍රේණිය හැරුණු විට ද්විතීයික, තෘතීයික හා විධායක යන ක්ෂේත්‍ර තුනකට වර්ගීකරණය කරනු ලැබීය.
විධායක ශ්‍රේණි වශයෙන් නිලධාරීන්ගේ කාර්යයන් ක්ෂේත්‍රයෙන් ක්ෂේත්‍රයට වෙනස් වුවද ඔවුන් සියලු දෙනාගේ උසස් වීම් සඳහා එකම කාර්ය පටිපාටියක් හඳුන්වා දෙමින් සියලු දෙනා SL-1-2006 යන එකම වැටුප් කේතයේ පිහිටවනු ලැබීය.
මෙම විධායක ශ්‍රේණියට නීතිඥයන්, ගණකාධිකාරීන්, ඉන්ජිනේරුවන්, අධ්‍යාපනඥයින්, දෙපාර්තමේන්තු සේවා නිලධාරීන් ලෙස විවිධ වෘත්තියට හා තාක්ෂණයට අදාළ නිලධාරීන් මෙන්ම පරිපාලනයට අයත් පරිපාලන සේවා නිලධාරීන් ද අයත් වන අතර මේ සියළු දෙනාට ලැබෙනුයේ සමාන වැටුප් හා මුල්පත් වීමෙන් වසර 10 ක සේවා කාලයෙන් පසුව මීළඟ උසස්වීම් ලැබීමත්ය. ව්‍යාවස්ථාවට අනුව රාජ්‍ය ව්‍යූහය විධායකය, ව්‍යාවස්ථා ප්‍රකාශකය හා අධිකරණය යනුවෙන් වෙන් කර තිබේ. අධිකරණයට වෙනම වැටුප් ව්‍යූහයක් තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව අයත් වනුයේ විධායකයටය. ඒ යටතේ එහි රාජකාරියෙහි නිරත නීතිඥ මහත්වරුන්ද අයත් වනුයේ SL-1-2006 යන වැටුප් කේතය අනුව රුපියල් 50,000 ක් පමණ මූලික මාසික වැටුපකටය.
නීතිපති දෙපාර්තමේන්තුවේ රැකියාව සාමාන්‍ය රජයේ කාර්යාලයක මෙන් ගොනුවෙන් ඉටු කරන කටයුත්තක් නොවේය. ඔවුන්ට අවශ්‍ය කෙස් පැලෙන තර්ක කිරීමට අවශ්‍ය අළුත් කරුණු සැමදා සෙවිය යුතුයි. ඒ නිසාම එහි පඩියට නීතිවේදී වෘත්තිකයන් සේවයට නොබැඳෙන බැවින් මෑතදී රජය එම දෙපාර්තමේන්තුව විධායකයේ පොදු වැටුප් ක්‍රමයෙන් ඉවත් කර මොවුන්ගේ වැටුප් සැලකිය යුතු ප්‍රතිශතයකින් වැඩි කළේය.
ප්‍රශ්නය මතුවූයේ ඉන් පසුවය
රාජ්‍ය සේවයේ තනතුරු ඇති කිරීම, වැටුප් තීරණය කිරීම්, බඳවා ගැනීම්, උසස්වීම් සඳහා පටිපාටි අනුමත කිරීම ආදිය සියල්ලට හිමිකම් කියන්නේ පරිපාලන සේවා නිලධාරීන්ය.
හැන්ද අතේ තියෙන නිසා තමන්ට වැඩියෙන් බෙදා ගැනීමට සිතා ඔවුන් බහුකාර්ය සේවා ඉටු කරනවා යැයි කියමින් ඔවුන්ගේ සේවාවට පමණක් සුවිශේෂී වූ විශේෂ දීමනාවක් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටියේය.
පරිපාලන සේවා නිලධාරීන්ට අමතරව සැබෑ ලෙසම වෘත්තිකයන් අයත් අනෙකුත් දීප ව්‍යාප්ත හා දෙපාර්තමේන්තු සේවාවන් බොහොමයකම ඇත. ඔවුන්ද අයත් වනුයේ SL-1-2006 වැටුප් කේතය යටතේය.
වෘත්තිකයන් අතුරින් වැඩ වර්ජනය හා කේවල් කිරීමේ ශක්තියක් පෙන්නුම් කිරීමට නොහැකි වුවද විධායකය හා ව්‍යාවස්ථාදායකයෙන් කිට්ටුවෙන් ඇසුරු කරන පරිපාලන සේවා නිලධාරීන් තමන් ළඟ තිබෙන හැන්දෙන් තමන්ට පමණක් බෙදා ගැනීමට සැරසෙන බවක් පෙනේ.
Everyone has the right to be heard සියළු දෙනාට තම කරුණු ඉදිරිපත් කිරීමට අයිතියක් තිබේ යන්න නීතියේ මූලධර්මයකි.
එහෙයින් තමන් බහු කාර්ය සේවයෙහි නිරතවෙනවා යැයි විධායක ශ්‍රේණි සේවයේ එක් කොටසක් පමණක් කියන දෙය පිළිගැනීමට පෙරාතුව ගණකාධිකාරීන් සැලසුම් සේවය, ඉන්ජිනේරු සේවය, විද්‍යාත්මක සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, දේශීය ආදායම් සේවය, රේගු සේවය, විගණන සේවය, තාක්ෂණික සේවය, විදේශ සේවා සහ දෙපාර්තමේන්තු සේවය ආදී දීප ව්‍යාප්ත හා සමාන්තර විධායක ශ්‍රේණිවල නියෝජිතයන්ටද තම සේවාවේ බහුකාර්ය සේවාවන් පිළිබඳවත් එම සේවාවල වැදගත්කම් පිළිබඳවත් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීම කාලෝචිතයි.
පරිපාලන සේවා නිලධාරීන්ට බහු කාර්ය පිළිබඳ තිබෙන අවබෝධය මණින්නට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ කියමනක් පෙන්වා දීම වැදගත්වේ.
අල්ලස් හා දූෂණ ක්‍රියාවන් ගැන විමර්ශනය කිරීමට නම් ගණකාධිකරණය තොරතුරු තාක්ෂණය පරිගණක තාක්ෂණය නීති ක්ෂේත්‍රය පිළිබඳව දූෂණයේ නිරතවන නිලධාරීන්ට වඩා දැනුම් ඇති වෘත්තිකයන් විමර්ශන නිලධාරීන් ලෙස (පරිගණක ඉන්ජිනේරුවන්, ගණකාධිකාරීන් වැනි වෘත්තිකයන් 200 ක් බඳවාගැනීම) බඳවාගැනීමට ඉල්ලුම් කර ඇත.
මේ සඳහා අනුමැතිය ලබා දීමට මොවුන්ගේ වැටුප නිරීක්ෂණය කිරීමට බාරව සිටිනුයේ පරිපාලන සේවා නිලධාරීන්ය. “විමර්ශන නිලධාරීන් ” යනුවෙන් කී විටම මෙම බහුකාර්ය නිලධාරීන්ගේ මානසිකත්වය වී ඇත්තේ, පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් කරන විමර්ශන නිලධාරීන්ගේ රාජකාරි විස්තරයයි. මේ නිසා අල්ලස් කොමිසමටද බඳවාගනු ලබන විමර්ශන නිලධාරීන් 200 දෙනා පිහිටා ඇත්තේ ආශ්‍රිත සේවා ගණයට අයත් සාමාන්‍ය ලිපිකරු හා සමාන්තර ශ්‍රේණියේ නිලධාරීන් ලෙසටය. ඉතිං අල්ලස් කොමිසම අපේක්ෂා කරන ගණකාධිකාරීන්, ඉන්ජිනේරුවන්, නීතීඥයන්, ලිපිකරු හා සමාන්තර වැටුපට විමර්ශන නිලධාරීන් ලෙස අල්ලස් කොමිසමට සේවයට පැමිණෙනු ඇතැයි පරිපාලන සේවා නිලධාරීන් පවසන්නේ කෙසේදැයි විමසා බැලීම ම / ඔවුන්ගේ බහු කාර්ය හැකියාව ගැන ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත්ය.
රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි, එක තැන පල්වෙනවා යැයි චෝදනා නගති. එයට ප්‍රධාන හේතුව කුමක්ද?
විවිධ වූ වෘත්තීය හැකියාවන් තිබෙන රාජ්‍ය සේවය ප්‍රතිව්‍යූහගත කිරීමේ තනිබලයට ලබා දී ඇත්තේ විධායක ශ්‍රේණියට අයත් 15 ක් පමණ සේවක කොටස් අතර පරිපාලන සේවා නිලධාරීන්ට පමණි.
1 රාජ්‍ය සේවා කොමිසම
2 වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව
3 ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය
4 කළමණාකාර සේවා දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය සේවයේ ප්‍රතිව්‍යූහගත කිරීමට
අදාළ වන ප්‍රධාන ආයතන සියල්ල පරිපාලන සේවා නිලධාරීන්ගේ බල ඒකාධිකාරයකට යටවී තිබේ.
ඒ හේතුවෙන් දවසින් දවස රාජ්‍ය සේවය ප්‍රපාතයට යමින් තිබෙන අතර දැනටමත් බොහෝ සේවාවන් ලබාගනුයේ බාහිර පාර්ශ්වය හරහාය (OU/source)
මේ නිසාම පරිපාලන සේවා නිලධාරීන්ට විශේෂත්වයෙන් සැලකීමට ගෙන ඇති පියවරට එරෙහි අනෙකුත් දීප ව්‍යාප්ත සේවකයන්ද වෘත්තීය ක්‍රියාමාර්ග ගත් විට එය රටට හොඳට දැනේවි.
ජනාධිපති ප්‍රේමදාස මහතාගේ කාලයේද පරිපාලන සේවා නිලධාරීන් වැඩි වරප්‍රසාද ඉල්ලා ඇත. විධායක බලය තමන් ගණකාධිකාරීවරුන් හා සැලසුම් සේවයේ නිලධාරීන්ට පවරන බවට කී විගස ඔවුන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අතහැරියා.
විධායක ශ්‍රේණියේ බහුතරයක් නිලධාරීන්ට තමන්ගේ යැයි පුද්ගල සේවයක් ඇරඹීමට හෝ පෞද්ගලික සේවයේ රැකියාවේම තිබේ.
එහෙත් පරිපාලන සේවා නිලධාරීන් බොහොමයක්ම උපදේශක හෝ වෙනත් අයුරකින් නැවතත් එන්නේ විශ්‍රාමික සේවකයන් ලෙස කොන්ත්‍රාත් පදනමින් රාජ්‍ය සේවයටමයි. සේවයේ කාර්යක්ෂමතාව ඔප්පු කරන්න මෙය හොඳ නිදසුනකි.

