සමාජ මාධ්‍ය භාවිතය තුළදී කුඩා දරුවකු, අසරණ වූවකු හෝ කාන්තාවක ඉලක්ක කරගනිමින් සිදුවන ඇතැම් ප්‍රකාශ දෙස බලන විට සංස්කෘතික මිනිසකු ගේ අවශ්‍යතාව මැනවින් පැහැදිලි වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
සංස්කෘතික මිනිසා යනු පොතපතේ දැනුම පමණක් ඇති හෝ කටපාඩමින් යමක් ඉදිරිපත් කරන අයකු නොවන බවත්, සාහිත්‍ය නිර්මාණ තුළින් තම අභ්‍යන්තරය පරිවර්තනීය වෙනසකට ලක් කරගනිමින් මානුෂීය සංවේදීබව සමාජයට මුදාහරින තැනැත්තකු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා ය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (06) ගම්පහ නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති 'ගම්පහ සාහිත්‍ය උළෙල' (GAMLIT 26) හි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

එවැනි පරිවර්තනීය වෙනසක් හා සංවේදීබවක් සහිත සංස්කෘතික මිනිසකුගෙන් වෙනත් කිසිදු තැනැත්තකුට අවමානයක්, හිත් රිදවීමක් හෝ අගෞරවයක් සිදු නොවන බව ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළා ය.
සාහිත්‍යයට හිමිවන අවධානය තුළින් සහකම්පනයෙන් යුතු මිනිසකු නිර්මාණය වනවා

සාහිත්‍ය උළෙල ආරම්භ කිරීමට පෙර අග්‍රාමාත්‍යතුමිය, කලාව, සාහිත්‍යය හා තාක්ෂණය යන ක්ෂේත්‍ර ඔස්සේ පාසල් සිසුන් ඉදිරිපත් කර තිබූ ප්‍රදර්ශනයේ කුටි නැරඹීමට විශේෂ උනන්දුවක් දැක්වූවාය. එහිදී එම ක්ෂේත්‍රවල නව ප්‍රවණතා පිළිබඳ සිසුන්ගේ ඉදිරිපත් කිරීම්වලට ඇහුම්කන් දෙමින් ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර, දරුවන්ගේ දක්ෂතා මෙන්ම ඒ සඳහා මඟපෙන්වූ ගුරුභවතුන්ගේ කැපවීම ද ඇගයීමට ලක් කළා ය. පසුව විවිධ දක්ෂතා දැක්වූ සිසුන්ට සහ ප්‍රදර්ශනයට ඉදිරිපත් වූ පාසල් සඳහා තිළිණ හා සහතිකපත් ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු විය. අනතුරුව සාහිත්‍ය උළෙල අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ මහ නගර සභාවක් විසින් මෙවැනි සාහිත්‍ය උළෙලක් සංවිධානය කිරීම සමස්ත රටටම ආදර්ශයක් බවයි. මෙම උළෙලේ තේමාව වන 'සංස්කෘතික පුරවැසියකු සොයා යෑම' ඉතා කාලෝචිත වන අතර, රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ද සංස්කෘතික මිනිසකු බිහි කිරීමේ අරමුණ අන්තර්ගතව තිබෙන බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවා ය.

රටේ ආර්ථිකය ගොඩනැගීම, යටිතල පහසුකම් දියුණු කිරීම සහ ආයතන ශක්තිමත් කිරීම සේම පරිවර්තනීය මිනිසකු බිහි කිරීම ද රජයේ ප්‍රධාන අරමුණක් වන බවත්, පරිවර්තනීය ගමන ආරම්භ කර වසර දෙකක් සපිරෙන මෙම මොහොතේ එම වගකීම ඉටුකිරීමට මෙවැනි පියවර ගැනීම අතිශය වැදගත් වන බවත් පෙන්වා දුන්නා ය. මෙම සංස්කෘතික උළෙල දින කිහිපයකට පමණක් සීමා වූවක් නොවන බවත්, ඒ පිටුපස පැවැති සාකච්ඡා, දරුවන්ගේ කැපවීම, පුහුණුවීම් සහ සංවාද මගින් කලාවට හා සාහිත්‍යයට හිමිවන අවධානය තුළින් සහකම්පනයෙන් යුතු මිනිසකු නිර්මාණය වන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. රටේ අනාගත බලාපොරොත්තුව වන පාසල් සිසුන්ගේ දක්ෂතා අනුව ඔවුන්ට අවශ්‍ය ඉදිරි ගමන් මඟ සකස් කර දීම රජයේ වගකීමක් බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය, සාහිත්‍යය හා කලාව ජීවිතයේ කොටසක් කරගන්නා ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටියාය. මෙම අත්දැකීම් පදනම් කරගනිමින් මෙය ජාතික මට්ටමේ වැඩසටහනක් දක්වා වර්ධනය කිරීමට හැකිවනු ඇති බවට ද අග්‍රාමාත්‍යතුමිය විශ්වාසය පළ කළා ය.
මෙම අවස්ථාව අමතමින් අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙම සාහිත්‍ය උළෙල සාර්ථක කරගැනීමට සහය දුන් සියලුම නාගරික මන්ත්‍රීවරුන් අගය කළේය. රට භෞතිකව මෙන්ම සංස්කෘතිකව ද ගොඩනැගීම සැමගේ වගකීමක් බව ඔහු මෙහිදී අවධාරණය කළේ ය.
මෙම අවස්ථාවට ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුනිපර්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ, ගම්පහ නගරාධිපතිතුමන්, නියෝජ්‍ය නගරාධිපතිතුමන් ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.





අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
