නාමල් හා ප්‍රසන්න 'රෝ' ඒජන්තලා දැයි සැකයක් !

නාමල් හා ප්‍රසන්න 'රෝ' ඒජන්තලා දැයි සැකයක් !

ඉදිරි මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව තරග කල යුතු බවත් වෙන්ව තරග කිරීමට පෙළඹවීම අධිරාජ්‍යවාදී සැලසුම ඉටු කරන්නක් බවත් ජාතික සංවිධාන එකමුතුව සදහන් කරයි.

මෙම මැතිවරණයේදී වෙන්ව තරග කලහොත් එහිදී දෙපාර්ශවය අතර ඇතිවන ප්‍රතිවිරෝධතා ඉදිරියේදී ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය පාර්ලිමේන්තුව තුලදී පරාජය කිරීමට නොහැකි තත්වයකට පත් කරවනු ඇති බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානයේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුල දැඩි ගැටුමක් ඇති වීම වත්මන් ආණ්ඩුවට මෙන්ම රෝ සංවිධානයට උවමනා දෙය බවත් කී ඔහු මීට අදාලව තම සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති වැඩපිලිවෙලට එකග වන්නැයි ඒකාබද්ද විපක්‍ෂයෙන් බල කර ඉල්ලා සිටින බවද ඔහු සදහන් කලේය.

 එක්වනවාට එරෙහි වූ දෙදෙනා මෙන්න?

 ශ්‍රීලනිපය සමගිවීමට බාධා කිරීම ඉන්දීය 'රෝ' සංවිධානයේ අරමුණ බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසද්දී ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයින් එක්වීමට විරුද්ධ වූ දෙදෙනෙකු පිළිබදව අනාවරණය කළේය.

එම දෙදෙනා වන්නේ ප්‍රසන්න රණතුංග හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරුන් බව අමාත්‍යවරයා පැවසිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න