පුංචි ඡන්දයෙන් පසු මැතිසබයට එන අලුත් මන්ත්‍රීවරු මෙන්න !

පුංචි ඡන්දයෙන් පසු මැතිසබයට එන අලුත් මන්ත්‍රීවරු මෙන්න !

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 'පොහොට්ටුව'ට සෘජුව හෝ වක්‍රව සහය දුනහොත් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිකර මන්ත්‍රීධූරද අහෝසිකර දැමීමට තීරණය කර ඇත.

ඒ, එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තිරණයකට අනුවය.

එසේ මන්ත්‍රීධර අහෝසි කිරීමෙන් පසුව ලයිස්තුවේ මීළඟට පත්වීමට සිටින අය පිළිබඳවද තොරතුරු සොයාබලන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ එම ලයිස්තුවේ මනාප අනුව ධනසිරි අමරතුංග, ජගත් කුමාර, කාන්ති කොඩිකාර, මහේෂ් අල්මේදා, ජනක වලිවත්ත, ප්‍රසන්න සෝලංගරච්චි හා දන්දන කත්‍රිආරච්චි සිටී.

ගම්පහ මනාප ලයිස්තුවට අනුව කෝකිලා ගුණවර්ධන, උපුල් රාජපක්ෂ, ගුණසිරි ජයනාත්, රුවන් රණතුංග, ෆීලික්ස් පෙරේරා, පන්ඩු බණ්ඩාරනායක, සරත්කුමාර ගුණරත්න හා තිලක් වරාගොඩ යන අය සිටිති.

බැසිල් රාජපක්ෂ මහතා ජාතික සංවිධායක ධුරය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස පොහොට්‌ටුව ලකුණින් තරග කෙරෙනු ඇත.

අමාත්‍ය අමරවීර මහතා යොමුකර ඇති ලිපිය පහත දැක්වේ.

IMG 2a55866cdebae8bc0d32f4c045c5461c V

IMG 9bf0f9984fa2fb7c48ee29ad763cb9b2 V

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න