පළාත් පාලන ආයතන රැසක පොහොට්ටු හැළෙයි

පළාත් පාලන ආයතන රැසක පොහොට්ටු හැළෙයි

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාදුන් නාමයෝජනා පත්‍ර කිහිපයක් ප්‍රතික්ෂේපවී ඇති බව වාර්තා වෙයි.

මහරගම ,වැලිගම, පානදුර,බදුල්ල සහ අගලවත්ත යන පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර මෙසේ අවලංගු වී ඇත.

මහරගම නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිරිපත් කළ නාමයෝජනා පත්‍රය අවලංගුවී තිබෙන්නේ එක් අයෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය දැක්වීම නිවැරදිව සිදුකර නොතිබූ නිසා වන අතර වැලිගම නගර සභාව වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය අවලංගුවී ඇත්තේ නිසි බලධාරියෙකුගේ අනුමැතිය යටතේ නාමයෝජනා පත්‍රය ඉදිරිපත් නොකිරීමය.

එසේම පානදුර නගර සභාව සහ අගලවත්ත ප්‍රාදේශීය සභාව සඳහා එම පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අත්සන් වල ඇති දෝෂ හේතුවෙන් ප්‍රතික්ෂේපවී ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ පදියතලාව සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර සහ එක්සත් ජාතික පක්ෂය නාවලපිටිය නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාවද ප්‍රතික්ෂේප වී ඇත.

පළාත් පාලන ආයතන 93ක් සඳහා නාමයෝජනා ලබාගැනීම අද (14) මධ්‍යහ්න 12.00 න් අවසන් විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න