අමාත්‍යංශ 6ක ලේකම් මාරුව - සාගලගේ නම රකින්න

අමාත්‍යංශ 6ක ලේකම් මාරුව - සාගලගේ නම රකින්න

අමාත්‍යංශ 6ක් සඳහා හදිසියේ සිදුවූ නව ලේකම්වරුන් පත්කිරීමට හේතු වුයේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ පැවති පරිපාලන දුර්වලතාවය බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

දිගින් දිගටම සිදුවන අපරාධ සහ සිවිල් නීති කඩකිරීම් පාලනය කිරීම වෙනුවෙන් අමාත්‍යංශය යටතේ ඇති ආයතන පද්ධතිය මෙහෙයවීමේ දුර්වලතාව සම්බන්ධව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලැබුණු පැමිණිලි රාශියක් මීට හේතුවී ඇත.

වාර්තා වන ආකාරයට පරිපාලන දුර්වලතා පිළිබඳ ලැබෙන පැමිණිලි සම්බන්ධව ජනාධිපති කාර්යාලය අවස්ථා ගණනකදී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය දැනුවත් කර ඇතත් ඊට යහපත් ප්‍රතිචාරයක් අමාත්‍යංශය වෙතින් ලැබී නැත.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ පරිපාලන දුර්වලතාව විෂයභාර අමාත්‍යවරයා වන සාගල රත්නායකයේ දුර්වලතාවක් ලෙස නොපෙනෙන ආකාරයට සිදුකිරීම වෙනුවෙන් අමාත්‍යංශ 6ක් සඳහාම නව ලේකම්වරු පත්කරන්නට ආණ්ඩුව තීරණය කළ බවය.

සබැදි පුවත් - 

අමාත්‍යාංශ හයකට නව ලේකම්වරු

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න