රු. 16-18 ට දෙන බවට ගිවිසුම් අත්සන් කළ කෙරවලපිටිය වෙස්ට් කෝස් විදුලි ඒකකයට රු. 29.85 ක සාමාන්‍ය ගෙවීමක් කරලා. විදුලිබල මණ්ලයට සිදුවූ පාඩුව රු.බිලියන 18 ඉක්මවා තිබෙන බව වාර්තා වෙයි.
කෙරවලපිටිය වෙස්ට් කෝස් ඩීසල් විදුලි බලාගාරයේ විදුලි ඒකකයක් සදහා ගෙවිය යුතු මිල යාවත් කාලීන නොකිරීම නිසා ගෙවී ගිය වසර 8 තුල රු. බිලියන 18 කට වැඩි මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට පාඩු වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයද නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
තවද එම නිවේදනයට අනුව කෙරවලපිටිය විදුලි බලගාරයේ ගනුදෙනුව ආරම්භයේ සිටම දුෂිත ගණුදෙනුවක් වන අතර, ඒ සදහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 225 ක් ලෙස සදහන් කොට අදාළ ටෙන්ඩරය ලක්දනවි සමාගම විසින් මිලදී ගෙන ඇති නමුත්, සැබෑ ලෙස ඒ සදහා සමාගම විසින් ඇ.ඩො. මිලියන 294 ක් වැය කර ඇත. එම පාඩුව දැරීමට සිදුව ඇත්තේ ද, විදුලිබල මණ්ඩලය හරහා මේ රටේ බදු ගෙවන ජනතාවට ය.
වෙස්ට් කෝස් විදුලි සමාගම විසින් නිෂ්පාදනය කරන එක් විදුලි ඒකකයක් සදහා 2008 සිට 2017 දක්වා වසර 9 තුල එක් ඒකකය රු. 29.85ක සාමාන්‍ය අගයක් ගෙවා ඇත. 2013 වසරේ දී ඒකකයක් සදහා රු. 46.93 ක් ද, 2014 දී ඒකකයක් සදහා රු. 42.55ක් ද, ගෙවා ඇත. 2015 දී ඒකකයට රු. 36ක් ද, 2016 දී ඒකකයට රු. 33ක් ද බැගින් ලක්දනවි සමාගමට ගෙවා ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසූවේ, ඩීසල් විදුලි මාෆියාව ලෙස ව්‍යවහාරයේ හදුන්වන හදිසි විදුලිය මිලදී ගැනීම් සදහා විදුලිබල මණ්ඩලය ගෙවනු ලබන්නේ රු. 30 ක ආසන්න මුදලකි. සුළං බලයෙන් විදුලි උද්පාදනයේ දී ඒකකයක මිල රු. 10.07 ක් වන අතර, සූර්ය බලයෙන් නිපදවන විදුලිය සදහා විදුලිබල මණ්ඩලය මේ වන විට ගෙවමින් සිටින්නේ රු. 11.86ක මුදලකි. ඒ අනුව, ස්වභාවික විදුලි ප්‍රභවයන්ගෙන් විදුලිය උද්පාදනයේ දී වැය වන මුදලට වඩා තුන් ගුණයක් වැය කරමින් විදුලිය මිලදී ගැනීම සිදුව ඇත.
විදුලිබල ජනන කේෂ්ත්‍රය ලංකාවේ දුෂිතම මාෆියාවයි. තමන් පසුගිය වසර 5 තුල ලබාදී ඇති ටෙන්ඩර් 18 ක් විමර්ශනය කර තිබෙන අතර ඒ සියල්ලම ආරම්භයේ සිට අවසානය දක්වා විවිධ අධියරවල දී දුෂණයන් සිදුව තිබෙන බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කල නිවේදනයේ දැක්වේ.

