එක්බද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුව විසින් බ්ලැක්මේල් කර ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයකුද වන එම සංවිධානයේ කැදවුම්කරු අජිත් ප‍්‍රසන්න ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ චෝදනාව සිදුකළ අතර වෙල්ගම මන්ත්‍රීවරයාට ඇති නඩු කිහිපයක් පෙන්වා මෙම බ්ලැක්මේල් කිරීම සිදු කර ඇති බවත් එමගින් ඔහු හරහා ඒකාබද්ධ විපක්‍ෂයේ සියළු තොරතුරු ආණ්ඩුව විසින් ලබා ගන්නා බවත් ඔහු පවසයි.
වෙල්ගම මහතා ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනධිපතිවරණවට එනවාට විරුද්ද වන්නේ පෙර හොරකම් නැවති කිරීමට නොහැකි නිසා බවද අජිත් ප්‍රසන්න සඳහන් කර ඇති අතර ලෝකයේ පලමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මෙන්ම, මහතීර් මොහොමඩ්, ලිකුවාන් යු ආදී නායකයින් බිම් මට්ටමේ දේශපාලනයක් සිදු නොකල බවත් ඔවුන් එක්වරම නායකත්වයට පැමිණි බවත් ඔහු කියා සිටී.

