එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීම ඇතුළු මෝටර් රථ වාහන පනතේ චෝදනා තුනකට අදාළව අධිකරණයේ දී වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් තීන්දුව නොවැම්බර් 25 දක්වා කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.
කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් කින්ස්ලි හෙට්ටිආරච්චි විසින් මෙම නියෝගය සිදු කරනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව තමන් වරදකරු බවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉකුත්(28) වන දා වරද පිළිගෙන තිබුණා. ඒ අනුව, මෝටර් රථ ආඥා පනතේ චෝදනා තුනට අදාළව එලෙස වරද පිළිගත් හිටපු අමාත්‍යවරයාට දඬුවම් නියම කිරීම අද ( 11) දින තෙක් කල් තැබීමට අධිකරණය තීරණය කර තිබුණි.
මෙම නඩුව ඉකුත් (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම, පාවිච්චි කිරීම ඇතුළු මෝටර් රථ වාහන ආඥා පනතේ චෝදනා තුනක් යටතේ මෙම චුදිත වරදක් සිදුකර ඇති බවට සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (cid) අධිකරණයට පැමිණිල්ලකින් චෝදනා ගොනු කර තිබුණා.
චුදිත වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, මෙම චෝදනා සම්බන්ධයෙන් තම සේවාදායකයා වරද පිළිගැනීමට සූදානම් බව පෙර නඩු දිනයේ දී දන්වා තිබුණා.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නිතීඥවරියක් ඉකුත් (28) අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම චෝදනා සම්බන්ධයෙන් චූදිත වරද පිළිගන්නා බැවින් ඔහුට දඬුවම් නියම කිරීමේදී අදාල මෝටර් රථය රාජසන්තක කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥවරිය පෙර නඩු දිනයේ දී අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය ඉදිරි දිනයේදී තමන් මේ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන බවට සඳහන් කරමින් චුදිතට දඬුවම් නියම කිරීමට අද (11) දින දක්වා නඩුව කල් තබා තිබුණි.
ජර්මනියේ නිෂ්පාදිත බීඑම්ඩබ්ලිව් වර්ගයේ මෙම සුඛෝපභෝගී මෝටර් රථය කොළඹ පෞද්ගලික හෝටලයක් තුළ අතහැර දමා තිබියදී ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගනු ලැබ තිබූ බවටයි අධිකරණයේදී කරුණු වාර්තා වුණේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
