Image

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන බ්‍රිතාන්‍ය ආයෝජකයින් දැනුවත් කෙරේ!

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන බ්‍රිතාන්‍ය ආයෝජකයින් දැනුවත් කෙරේ!
  • ශ්‍රී ලංකාවේ ආයෝජනයට බ්‍රිතාන්‍ය ආයෝජකයන්ට ඇරයුම් - ලන්ඩනයේදී සාර්ථක දෙදින ප්‍රවර්ධන වැඩසටහනක් 
  • වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව පුළුල් කිරීමටත්, ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 සඳහා බ්‍රිතාන්‍ය සහභාගීත්වය දිරිගැන්වීමටත් පියවර

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, පසුගිය ඔක්තෝබර් 21 සහ 22 යන දිනවල එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමඟ එක්ව, එරට ආයෝජකයින් සහ ව්‍යාපාරික නායකයින් වෙත ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා, ආයෝජන දිරිදීමනා මෙන්ම පහසුකම් සැලසීමේ ක්‍රමවේදයන් පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පූර්ණ සහාය ඇතිව මෙම දින දෙකක ප්‍රවර්ධන වැඩසටහන සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසිනි. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මෙම නියෝජිත පිරිසෙහි නායකත්වය දැරීය.

මෙම නියෝජිත පිරිස සඳහා:

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලක ජයසුන්දර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ (ආයෝජන ප්‍රවර්ධන හා පර්යේෂණ) ප්‍රියංකා සමරවීර යන අය සහභාගී වූහ.

මීට අමතරව, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ගරු නිමල් සේනාධීර සහ ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය (වාණිජ - Minister Commercial) ප්‍රේමතිලක ජයකොඩි මෙම අවස්ථාවට එක් වූහ.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණු ලෙස:

එක්සත් රාජධානි වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව විශ්වාසදායක සහ තරගකාරී වෙළඳ හා ආයෝජන හවුල්කරුවෙකු ලෙස ඉස්මතු කර දැක්වීම.

2027 ජනවාරි 14 සිට 17 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත “ශ්‍රී ලංකා එක්ස්පෝ 2027” (Sri Lanka Expo 2027) ප්‍රදර්ශනය පුළුල් ලෙස ප්‍රචාරය කර, බ්‍රිතාන්‍ය සහභාගීත්වය ඉහළ නංවා ගැනීම.

බ්‍රිතාන්‍ය සමාගම් වෙත ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ ලබාගැනීම, ආයෝජන සිදුකිරීම සහ නව ව්‍යාපාරික හවුල්කාරිත්වයන් ගොඩනගා  ගැනීම සම්බන්ධයෙන් උනන්දු කරවීම.

එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යටතේ හිමිවන වරප්‍රසාදිත වෙළඳපොළ ප්‍රවේශය ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට උපරිම අයුරින් ප්‍රයෝජනයට ගැනීමට සහාය වීම.

අනාගත බ්‍රිතාන්‍ය ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ සෘජු සබඳතා වර්ධනය කරගැනීම, අපේක්ෂා කෙරිණි. 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න