චමල් සමඟ ගමනකට : එකාබද්ධයේ වෙනම පිරිසක් සූදානම්  !

චමල් සමඟ ගමනකට : එකාබද්ධයේ වෙනම පිරිසක් සූදානම්  !

 මේ වන විටත් ලංකාවේ හිට්ලර් ලෙසට සමාජ මතයක් නිර්මාණයවී ඇති ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවට හිටපු කතානායක චමල් රාජපක්ෂ ඉදිරියට ගත යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන ඇතුළු පැරණි වාමාංශික පක්ෂ නායකයින් ඒ  ගැන එකඟතාවක් ඇති කරගෙන තිබෙන අතර ඒ සම්බන්ධව ඉදිරියේදී රාජපක්ෂ සහෝදරයන් සමඟ සාකච්ඡා කිරීමටද නියමිතව ඇත.

කෙසේ වුවත් මෙම සාකච්ඡා වලදී එක් තරුණ දේශපාලන නායකයකු විමසා ඇත්තේ රාජපක්ෂ පවුලෙන් හැර ඉදිරි නායකත්වය සඳහා සූදානම් කිරීමට කිසිවකුත් තම පාර්ශවයන් අතර නැතිද කියාය.

එහෙත් ඊට මෙම නායකයින් කිසිවෙකුත් පිළිතුරක් දී නොමැති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

මේ අතර අද (14) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කර ඇත්තේ  2020දි ඒකාබද්ධය නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් ජනතා හිතවාදි පුද්ගලයෙකු විය යුතු බවත් ඒ සඳහා සුදුසු වන්නේ හිටපු තථා නායක චමල් රාජපක්ස මහතා පමණක් බවත් ය.

එසේම  ගොඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තමන්ට කිසිදු විරුද්ධත්වයක් නොමැති නමුත්  ඔහු පිටුපස සිටින  මිලිටරිවාදි පාලනයකට පක්ෂපාති පිරිසට නම්  අකමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

තවද වතමන් ආණ්ඩුව පෙරළා දැමිම අත්‍යාවශ්‍ය වුවද එය ඉතා පහසුවෙන් සිදු කළ නොහැකි බවත් එය සිදු කළ හැක්කේ යම් ක්‍රියාධාමයකට අනුව බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න