ලේකම් රුවන් ගැන ඇමති මංගලගෙන් නිවේදනයක්

ලේකම් රුවන් ගැන ඇමති මංගලගෙන් නිවේදනයක්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් (මාධ්‍ය) තනතුරේ සේවය කරන රුවන් ප්‍රදිනන්දිස් මහතා ධූරයෙන් ඉවත් කර ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල පළවූ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හසන් අලී ගේ අත්සනින් යුතුව අද (15) නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මීට මාස කිහිපයකට පෙරාතුව ලබාගත් පූර්ව අනුමැතිය මත රුවන් ප්‍රදිනන්දිස් මහතා දැනට විදේශ ගතව සිටින අතර ඔහු ලබන සතියේ පෙරලා දිවයිනට පැමිණි විගස සිය රාජකාරියට වාර්තා කරනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර ඇති බවය.

එසේම දීර්ඝ කාලයක් තිස්සේ තමන්ගේ දේශපාලන කටයුතු සඳහා සහයෝග ලබාදෙමින් විශ්වාසවන්තව කටයුතු කරන නිලධාරීන්ව විවිධ වෙබ් අඩවිවල නගන අභූත චෝදනා පදනම් කරමින් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් හෝ පුරුද්දක් තමා තුළ නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළ බව එම නිවේදනයේ සඳහන්ව ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හසන් අලීගේ නිවේදනය....

ruwan f

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න