ඡන්දෙට කලින් තවත් පිනුම් වැලක් - විමල් එජාපයට !

ඡන්දෙට කලින් තවත් පිනුම් වැලක් - විමල් එජාපයට !

පළාත් පාලන මැතිවරණයට පෙර ඉදිරි දින කිහිපයේදී දේශපාලන පිල් මාරුවීම් කිහිපයක් සිදුවීමට ඉඩ තිබෙන බවට ආරංචි පැතිර යමින් තිබෙන අතරේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු ලබන 21 වැනිදා එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ සූදානමක් පවතින බවට පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී කතාබහ කෙරුණු බව 'ඉරිදා මව්බිම' වාර්තා කරයි.

ඒ, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමග සම්බන්ධතා පවත්වන බවට පැවසෙන විමල් විරවංශ මහතා බවට එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග ඉඟි කරයි.

ඒ අතරේ, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයෙක් පැවැසීය.

 ඇමතිවරු පිරිසක් ඒකාබද්ධයට !

 මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ආණ්ඩුවේ සැලකිය යුතු පිරිසක් නුදුරේදීම ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවයි.

ආණ්ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට එකතු වන බව කියන ශ්‍රී ල.නි.ප. ඇමැතිවරුන් පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව කැබිනට් අමාත්‍යවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු මෙලෙස ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෙක් පැවැසීය.

පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා සඳහා එම ඇමැතිවරුන් ඔවුන්ගේ නියෝජිතයන් ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ.

 චොකා මල්ලි ද ?

 ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ආණ්ඩුවට සහාය පළ කිරීමේ සූදානමක් තිබෙන බවටද ආරංචි පැතිර යයි.

මේ ගැන ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු පැවැසුවේ අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඒකාබද්ධ විපක්ෂයේ නාම යෝජනා සකස් කිරීමටද සහයෝගය ලබාදුන් බවයි.

එම මන්ත්‍රිවරයා තමන් සමඟ නාම යෝජනා සකස් කිරීමේ කටයුතුවලට සහභාගි වූ බවත් ආණ්ඩුවට යෑම ගැන කිසිදු සංඥාවක් නොවූ බවත් නානායක්කාර මන්ත්‍රිවරයා වැඩිදුරත් සඳහන් කෙළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න