ජනාධිපති මාධ්‍යට අනතුරු අඟවයි !

ජනාධිපති මාධ්‍යට  අනතුරු අඟවයි !

‘අපිට ගහලා,  දුර්වල කරලා , විනාශ කරලා , ඇද දමලා දුන්න ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මාධ්‍ය නිදහස නැති කරගෙන කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කියලා මාධ්‍ය ආයතනවලට මාධ්‍ය මිත්‍රයන්ට කාරුණිකව කියනවා‘යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර ඇත.

තමන් මේ දේ කියන්නේ අපට අවහිර කරන අපේ වැඩවලට නිසි ප්‍රචාරයක් නොදෙන මාධ්‍යවලට බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (23) උදේ පැවැති මොරගහකන්ද කළුගඟ රන්දියවර රැදවුම් මංගල්‍ය උත්සව සභාව අමතමින්ය.
එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

අද සමහර පෞද්ගලික මාධ්‍ය ප්‍රචාරය කරන්නන් අපේ කටින් පිටවන අවශ්‍ය දෙවල් නොවෙයි.  අනවශ්‍ය දේවල් ආණ්ඩු ආණ්ඩු විරෝධී ප්‍රචාර සවසට රූපවාහනි ප්‍රවෘත්ති බැලුවම මේ රටේ ආණ්ඩුවක් නැති ගාණයි. මාධ්‍යවල තියෙන්නේ රට විනාශ වෙනවා කියන එකයි. මා මේ ගැන කනගාටුවෙනවා.මම රටේ ප්‍රඡාතන්ත්‍රවාදය මිනිසුන්ගේ නිදහස ශක්තිමත් කළේ මාධ්‍ය නිදහස දුන්නේ සත්‍ය කතා කරන්නටයි.  නිවැරදි දේ ලෝකයාට දෙන්නයි.

අද දේශපාලන ආරවුල්, ගැටම්, වැඩක් නැති අශිලාචාරත්වයට ප්‍රමුඛත්වය දෙන්න නෙවෙයි අද අපට අවහිර කරන, අපේ වැඩවලට නිසි ප්‍රචාරයක් නොදෙන මාධ්‍ය ආයතනවලට මාධ්‍ය මිත්‍රයන්ට මා කාරුණිකව කියනවා අපිට ගහලා අපි දුර්වල කරලා අපි විනාශ කරලා අපි ඇද දමලා දුන්නු ප්‍රජාතන්ත්‍රවාදය නැති කරගෙන නිදහස නැති කරගෙන දිලා තියනවා මාධ්‍ය නිදහස නැති  කරගෙන නැවත දවසක කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කියලා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න