සජින් වාස් හා ප්‍රියත් බන්දුගේ වංචා දුෂණ ලිපිගොණු අතුරුදහන් !

සජින් වාස් හා ප්‍රියත් බන්දුගේ වංචා දුෂණ ලිපිගොණු අතුරුදහන් !

මහින්ද රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂ පවුලේ සමීපමතයෙකුවු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන හා වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු යන මහත්වරුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල වංචා දුෂණ විමර්ශනයන්ට අදාල  ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දීමෙන් පසු අස්ථානගතවී ඇතැයි වාර්තා වෙයි.

මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනන 2015 මාර්තු මාසයේදී අවසාන කර ඉදිරි නීති ක්‍රියාමාර්ග ( නඩු පැවරීම) ගැනීම සඳහා එම ලිපිගොණු නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී තිබුණ අතර මේ වන තෙක් නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක අනුගමනය කිරීම නිසා ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳ විමසා නීතිපති දෙපාර්තමේන්තුවට සිහිකැඳවීමක් කර ඇත.

ඒ අනුව සජින් වාස් ගුණවර්ධන හා ප්‍රියත් බන්දු යන දෙදෙනාට එරෙහිව නඩු පැවරීම තවදුරටත් ප්‍රමාද කරමින් සිටින්නේ නීතිපති දෙපාර්තමේතුවය. 

විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරුන් විසින් මෙම තත්ත්වය ඇතිකරමින්  පවතින බව වාර්තා වෙයි. ඔවුන් නීතිපතිවරයා නොසලකා හරිමින් කටයුතු කරන බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

යහපාලන ආණ්ඩුවේම ප්‍රබලයෙක් විසින් සජින් වාස් ගුණවර්ධන මහතා වෙත පසුගිය කාලයේ “ඇමති ආරක්ෂාව” සපයා දී තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න