දේශීය ඖෂධ නිෂ්පාදනය බිලියන 2 සිට බිලියන 4 දක්වා වැඩිවෙලා  

දේශීය ඖෂධ නිෂ්පාදනය බිලියන 2 සිට බිලියන 4 දක්වා වැඩිවෙලා  

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඖෂධ නිෂ්පාදනය බිලියන 2 සිට බිලියන 4 දක්වා වැඩි කර තිබෙන අතර මේ වන විටත් ඖෂධ නිෂ්පාදනය කිරිම සදහා ගිවිසුම් 46 ක් අත්සන් කර තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි. 

අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්වුණු  ලෝක බැංකුවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය. 

මේ වන විටත්  සෞඛ්‍ය අමාත්‍යාංශය බෝවන රෝග පාලනය කර තිබෙන අතර  බෝනොවන රෝග පාලනය කිරිම සදහා විධිමත් වැඩපිළීවෙළක් ක්‍රියාත්මක බවද පැවසීය.එසේම ළදරු සහ මාතෘ මරණ අවම කළ රටක් ලෙස යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකාව පිළීගෙන ඇති බවත් දැනට ඩෙංගු සහ එච්.අයි.වී අවම කළ යුතු මට්ටමේ පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,2017 වසරේ ඩෙංගු වසංගත තත්ත්වය කෙටි කළකින් මර්දනය කිරිම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය අප ඇගයීමට ලක් කළා. ලෝකයේ පුද්ගලයින් මිලියන 40 ක් වාර්ෂිකව මිය යන්නේ බෝනොවන රෝගවලින්.

මෙය අභීයෝගයක්. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම යටතේ රෝගීන් ගුණාත්මක ඖෂධ වෛද්‍ය නිර්දේශය අනුවම ලබාගන්නවා. පසුගිය වසරේ දී පමණක් ප්‍රතිජීවක ඖෂධ මිලියන 200 ක අලෙවියක් සිදු වී ඇති බව දැනට සොයාගෙන තිබෙනවා. හෘද සැත්කම් පැය 24 පුරා කොළඹ ජාතික රෝහලේ දී සිදු කරනවා. දිවයින පුරා ඇසේ සුද ඉවත් කිරීම සහ අක්ෂි කාච බද්ධ සැත්කම් සදහා ලක්ෂ 12 ක් පමණ සිටිනවා.  හෘද සැත්කම් මෙන් අක්ෂි කාච සැත්කම් ද පැය 24 පුරා සිදු කිරීමට යෝජනා කළත් වෛද්‍යවරුන් තම කැමැත්ත ප්‍රකාශ කර නැහැ. ළමා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් පැය 24 පුරා සිදු කිරීමට යෝජනා කළත් වෛද්‍යවරුන්ගේ ගෙවීමේ දීමනා ප්‍රශ්ණයක් එම වැඩපිළිවෙල ප්‍රමාද කළා. ලෝක බැංකුව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගෙන තිබෙනවා දුප්පතුන්ට හිතවාදී සෞඛ්‍ය සේවාවක් ශ්‍රි ලංකාවේ තිබෙන බව. බෝනොවන රෝග පාලනය කිරිම සදහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබාදී තිබෙනවා. අපේ රාජ්‍ය සේවාවේ මුදල් වැය කරන එක තමයි ඉතාම අමාරු. එම මුදලින් මාසිකව රුපියල් මිලියන 500 ක් ජනතා සේවාවන් සදහා වැය කළ යුතුයි. අභියෝග වලට මුහුණ දෙමින් සියලු සෞඛ්‍ය සේවාවක් ඉටු කරනවා. විශ්වීය සෞඛ්‍ය රැකවරණය සියලුදෙනාටම ලබාදීමට රජය කැපවී සිටිනවා.”යැයිද පැවසීය.

මෙහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය සදහා දායකවූවන්ට සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සහතික පත්‍ර ද පිරිනමන ලදි.මෙම අවස්ථාවට පළාත් සභා පළාත් පාලන සහ ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු, ලෝක බැංකුවේ ඡ්‍යෙෂ්ඨ සෞඛ්‍ය විශේෂඥ දීපිකා ආටිගල මහත්මිය, ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න