2014 අළුත්ගම ගැටුමේ දේපල හානි වලට  වන්දි පිරිනැමීම හෙට (26)

2014 අළුත්ගම ගැටුමේ දේපල හානි වලට  වන්දි පිරිනැමීම හෙට (26)

2014 වසරේ අළුත්ගම දර්ගා නගරයේ ඇති වූ ගැටුම්කාරී වාතාවරණයෙන් හානියට පත් වෙළෙදසැල් සහ නිවාස සදහා වන්දි ප්‍රදානය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍ය එම්.ඩී ස්වාමිනාදන්ගේ සහභාගීත්වයෙන් අළුත්ගම දර්ගා නගරයේ සහිරා විද්‍යාලයේ දී හෙට (26) පස්වරු 3.00 ට පැවැත්වෙයි.

මෙහිදී හානියට පත් නිවාස සහ වෙළෙදසැල් 122 කට රුපියල් මිලියන 188 ක වන්දි මුදලක් පිරිනැමෙයි. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඒ සදහා ලැබී ඇත.
යහපාලන රජයේ තවත් පොරොන්දුවක් වන මෙය සහජීවනය උදෙසා වන්දි ප්‍රදානය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න