පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම හා ඒවාට මුදල් ගෙවීම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා සහ විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගණේගල මහතා අගෝස්තු 07 වෙනිදා පාර්ලිමේන්තු කෝප් කමිටුව වෙත කැඳවා ඇත.
මේ සඳහා වන කැඳවීම් ලිපිය ජූලි 24 දා කොප් කමිටු ලේකම් නිශාන්ති එස්. විකුමරත්න මහතා විසින් යවා තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිබල පනතට පටහැනිව යමින් ඇඹිලිපිටිය එස් ෆවර් පෞද්ගලික විදුලි බලාගාරය සමග විදුලිය මිලදී ගැනීමට මේ වසරේදී ගිවිසුමකට එළැඹ තිබිණි.
අප්‍රෙල් මාසය පමණක් ඇඹිලිපිටිය එස්. ෆවර් ආයතනයට විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 840 ක් ගෙවීමට ඇති බව දන්වමින් එම මුදල සඳහා බිල්පත් විදුලිබල මණ්ඩලයේ විදුලි මිලදී ගැනීම් අංශය වෙත එවා තිබුණේය.
විදුලි මිලදී ගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජීව අබේවික්‍රම මහතා මෙම ගෙවීම් පිළිබඳ ප්‍රශ්න කිරීම හේතුවෙන් ඔහු විදුලිබල මණ්ඩලයට අදාළ නොවන පිටස්තර විනය වැරදි දක්වා වැඩ තහනමකට ලක් කරන්නට විදුලිබල මණ්ඩලය ක්‍රියා කළේය.
සුජීව අබේවික්‍රම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩ තහනමට ලක් කිරීමෙන් අණතුරුව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ඇඹිලිපිටිය එස් ෆවර් ආයතනයේ රුපියල් මිලියන 840 වන ගෙවීම අනුමත කරදෙන මෙන් ඉල්ලා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා වෙත ලිපියක් යවා තිබූ අතර ලේකම්වරයා උක්ත ගෙවීම අනුමත කර තිබුණු බව 'රාවය' පුවත්පත පසුගිය සතියේ අනාවරණය කර තිබිණ.
කොප් කමිටුවට කැඳවීම සම්බන්ධයෙන් විමසීමට විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී ගණේගල මහතා දුරකතනයට සම්බන්ධ කර ගැනීමට ගිය විට එම අවස්ථාවේ සම්බන්ධ විය නොහැකි බවත් පසුව කතාකරන බවත් දන්වමින් ජංගම දුරකතනය ඔස්සේ කෙටි පණිවිඩයක් එවීය.අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා දුරකතනයට සම්බන්ධ කරගත නොහැකි විය.
(රාවය)

