කන්තලේ නගර ශාලාවට  මහින්දගේ නම දාන උත්සාහයක් !

කන්තලේ නගර ශාලාවට  මහින්දගේ නම දාන උත්සාහයක් !

ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වු දිවංගත අමාත්‍ය එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන මහතා නමින් නම්කර ලබන අගෝස්තු 10 වැනිදා  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතා ගේ ප්‍රධානත්වයෙන්  විවෘත කිරිමට නියමිතව ඇතත් ඊට  කන්තලේ ප්‍රාදේශීය සභාව විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

කන්තලේ ප්‍රාදේශීය සභාව සඳහන් කර ඇත්තේ අදාළ නගර ශාලාව  "මහින්ද රාජපක්ෂ  නගර ශාලාව" ලෙස නම් කිරිමට ය.

මහින්ද පිලේ ප්‍රාදේශිය සභා  මන්ත්‍රිවරුන් බහුතරයකගේ අදහස වි ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම නගර ශාලාව ඉදිකිරිමට මුදල් ලබාදිම නිසා එසේ කළ යුතු බවය.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රිවරු ගත් තීරණය පිළිබදව මාධ්‍ය වෙත   අදහස් දැක්වු කන්තලේ ප්‍රාදේශිය සභාවේ  සභාපති  සමන් ඒකනායක මෙසේ සඳහන්කර ඇත.

‘ මන්ත්‍රීවරුන්ගේ අදහස හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂ පාලනය සමයේ උතුරු නැගෙනහිර  පළාත් පාලන ආයතන යටිතල පහසුකම් දියුණු කිරිමේ  ව්‍යාපෘතිය යටතේ මුදල් ලබාදි මෙම නගර ශාලාව  ඉදිකිරීමට තීරණය කල බවයි. එහි අඩුපාඩු රැසක් තියෙනවා. විවෘත කිරිමට  ප්‍රථම ඒවා සකස් කිරිමට  මිලියන 13ක ඇස්තමේන්තුවක් නැගෙනහිර ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළා. ඉන් මිලියන 07ක්  ලැබුණා. සම්පුර්ණ මුදල නොලැබුණ හොත් එදාට ජනාධිපතිතුමාට කලින් අපේ මන්ත්‍රිවරු නගර ශාලාව විවෘත කරාවි. එවිට මටත් මන්ත්‍රිවරු පාලනය කරගන්න බැරිවේවි'

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න