නිදහස් කලා සන්ධානය : සංඝරත්නය නොමග යවලා !

නිදහස් කලා සන්ධානය : සංඝරත්නය නොමග යවලා !

නව බදු පනත මගින් පැනවූ අධික බදු බර නිසා දේශීය සිනමා කර්මාන්තයට ගැටලු රැසක් උද්ගත වී ඇතැයි සඳහන් කරමින් නිදහස් කලා සන්ධානය පසුගිය 25 දා මල්වතු මහ නාහිමියන්ට සංදේශයක් භාර දී තිබුණ අතර එය පටු  දේශපාලන වාසි ලැබීම වෙනුවෙන් සංඝරත්නයද නොමග යැවූ අවස්ථාවක් මිස සත්‍ය නොවන බව  මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කරයි. 

ඒ බව සඳහන් කරමින් ඔහු සඳහන් කර සිටියේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත මගින් ජනතාවට පෙර නොවූවිරූ සහනයන් ලැබී ඇති බවත් ඒ ගැන ජනතාව වෙත සත්‍ය වාර්තා කිරීම මාධ්‍යවලද යුතුකමක් වන බවය.

ඒ අනුව  මෙතෙක් පැවැති 2006 දේශීය ආදායම් පනත මගින් කලාකරුවන්ගේ නිර්මාණයක ශුද්ධ ආදායම මසකට රුපියල් 50,000 ක් ඉක්ම වූ විට ඒ වෙනුවෙන් සියයට දහයක කර්තෘ භාගයක් අය කළ නමුදු නව දේශීය ආදායම් පනත අනුව අය කිරීමට යෝජනා වී ඇත්තේ  කර්තෘ භාගය මසකට රුපියල් 50,000 ක ශුද්ධ ආදායම ඉක්ම වන විට පමණක්  සියයට පහක බද්දක් අයකරන ලෙස බවද ඔහු පෙන්වා දෙයි.

එසේම 2006 දේශීය ආදායම් පනත අනුව ළමා ඉතුරුම් ගිණුමෙන් ලැබෙන පොලී ආදායම රුපියල් 5,000 ඉක්ම වූ විට එම පොලී ආදායම මත සියයට 2.5ක රඳවා ගැනීමේ බද්දක් අය කරන ලද අතර, නව දේශීය ආදායම් පනත මගින් ළමා ඉතුරුම් ගිණුම් මත අය කරනු ලබන රඳවා ගැනීමේ බද්ද මුළුමනින්ම ඉවත් කර ඇති බවත්  ඒ අනුව වයස අවුරුදු 18 දක්වා වූ දරුවන්ගේ කිසිදු ගිණුමකින් ලබන පොලී ආදායමෙන් කිසිදු බද්දක් අය නොකරන බවද ඔහු අවධාරණය කර සිටියි.

තවද උපයන විට අය කළ බදු වශයෙන් 2006 දේශීය ආදායම් පනත අනුව වසරකට රුපියල් පන් ලක්ෂයකට වැඩි ආදායම් ලැබූ අයගෙන් බදු අය කළ නමුදු නව දේශීය ආදායම් පනත අනුව එම බදු ලිහිල් කර පන් ලක්ෂයක්ව තිබූ මුදල දොළොස් ලක්ෂයක් දක්වා වැඩිකර ඇති බව දක්වන එම නිලධාරියා  එමඟින් සේවා නියුක්තිකයන් ලක්ෂ පහක් බදුවලින් නිදහස් වී ඇති බවද පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න