ග්‍රාමීය ප්‍රදේශ නඟාසිටුවීම අරමුණු කර ගනිමින් නව යෝධ සංවර්ධන සැලැස්මක් 2019, 2020 වසරවල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (29) මඩකලපුව, මන්මුනෙයි පත්තුවේදී පැවසීය.
නැගෙනහිර පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් දැනටමත් සකස් කර තිබෙන බව අනාවරණය කළ අග්‍රාමාත්‍යවරයා නැගෙනහිර පළාතේ සංචාරක ගුවන් සේවාවක් ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
මන්මුනෙයි පත්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදී මේ බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේ ද කීය.
මේ වනවිට අපි වේගවත් සංවර්ධන වැඩපිළිවෙළක් රට පුරා ආරම්භ කර තිබෙනවා. වත්මන් රජය බලයට පත්වීමත් සමඟ 2015 වසරේදී සංවර්ධන වැඩසටහන් සඳහා රටේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම රුපියල් දස ලක්‍ෂය බැගින් ලබා දුන්නා.
මෙම සංවර්ධන වැඩකටයුතු ඉදිරියට ගෙන යාමේ කේන්ද්‍රස්ථානය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. 2015 වන විට එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විශාල වශයෙන් අඩුපාඩු පැවතුණා. එම නිසා ඒ අඩුපාඩු සම්පූර්ණ කරලීමට අප තීරණය කළා. ඒ අනුව මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අඩුපාඩු සම්පූර්ණ කරමින් මහජනතාවට කාර්යක්‍ෂම සේවාවක් ලබාදිය හැකි ආයතන බවට එම ආයතන පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ග්‍රාමීය ප්‍රදේශ නඟාසිටුවීමේ නව යෝධ සංවර්ධන සැලැස්ම 2019, 2020 වසරවල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙන බව කිව යුතුයි.
එම සැලැස්මට අනුව මේ වනවිට ග්‍රාම ශක්ති සංවර්ධන වැඩසටහන ජනාධිපතිතුමා විසින් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ගම්පෙරළිය වැඩසටහනත් අප ආරම්භ කර තිබෙනවා. ඊට අමතරව තවත් සංවර්ධන වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබෙනවා.
මෙහිදී මූලිකත්වය දී තිබෙන්නේ ගම සංවර්ධනය කිරීමටයි. ග්‍රාමීය ප්‍රදේශවල වැව්, අමුණු ප්‍රතිසංස්කරණය කිරීම, අලූතින් වැව්, අමුණු ඉදිකිරීම, මංමාවත් ඉදිකිරීම වැනි කටයුතු ආරම්භ කරන අතර, ඒවා මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට ලබානොදී ග්‍රාමීය ප්‍රදේශවල ගොවි සමිති හා එම ප්‍රදේශවල කොන්ත්‍රාත්කරුවන්ට ලබාදී ගමට මුදල් ලැබීමට සැලැස්වීම අපේ අරමුණයි.
මීට අමතරව යුද්ධයට හසුවූ නැගෙනහිර වැනි ප්‍රදේශ දියුණු කිරීම සඳහා වෙනත් වැඩසටහන් අපි ආරම්භ කර තිබෙනවා. එහි එක් පියවරක් වන්නේ මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමයි. එහිදී බලපාන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ගමනා ගමන අපහසුතාවන් බව කිව යුතුයි. ඊට විසඳුමක් ලෙස නැගෙනහිර පළාතේ සංචාරක ගුවන් සේවා ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඒ.එල්.ඒ.එම්. ඉහිස්බුල්ලා, නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.{gallery}manmunnei{/gallery}

