බන්ධනාගාර නිලධාරීන් ගණනාවක් කෝටිපතියන් වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සහකාර බන්ධනාගාර නිලධාරිවර්න්ගේ සිට ඉහළට සෑම නිලධාරියකුම වාර්ෂිකව වත්කම් බැරකම් අනාවරණය කළ යුතුවුවත් ඔවුන් සැබෑ වත්කම් බැරකම් ඉදිරිපත් කර නොමැති බව ද පැවසේ.
අදාළ නිලධාරීන් වැඩිදෙනෙකු බන්ධනාගාර රැකියාවට පැමිණි පසු ඔවුන් හිටි හැටියේ පොහොසතුන් බවට පත්ව ඇති බවත්, යානවාහන, ඉඩම්, වතුපිටි ඇතුළු දේපල හිමිකරුවන් බවට පත්ව ඇතත් ඒවා වත්කම් බැරකම් ප්‍රකාශවල නැතැයි වාර්තා වේ.
එසේ ඇති බොහෝ වත්කම් ඇත්තේ ඔවුන්ගේ භාර්යාවන්, දරුවන් හා දෙමවුපියන්ගේ නම්වලට බවද වාර්තා වේ.
මේ අතර, මෑතකදී කොළඹ 10 ආනන්ද රාජපරුණා මාවතෙන් හා ගම්පහ ප්‍රදේශයෙන් ඉඩම් මිලදීගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කර ඇතැයි ද බන්ධනාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
